Tuesday, January 27, 2026
Follow Us
අධිකරණය අමාත්‍යාංශයේ වැයශිර්ෂ පාර්ලිමේන්තු කාරක සභා විවාදය අද
අද (02) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස් වූ අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 දක්වා මන්ත්රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහා කාලය වෙන්කර ඇත.

 ඉන්අනතුරුව, පෙ.ව 10.00 සිට ප.ව. 6.00 දක්වා 2024 විසර්ජන පනත් කෙටුම්පතට (අයවැය) අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතයි.

කාරක සභා අවස්ථා විවාදය අද පැවැත්වෙන්නේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යයේ වැය ශිර්ෂය යටතේය.

අනතුරුව, ප.ව 6.00 සිට ප.ව 6.30 දක්වා විරුද්ධ පක්ෂය ගෙන එන යෝජනාව අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතය.