ආර්ථිකය ගොඩනඟා රට ස්ථාවර කිරීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අවස්ථාවක් ලබාදිය යුතු බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
ස්වභාවික සම්පත් අමුද්‍රව්‍ය වශයෙන් නොව ඒවා සඳහා වටිනාකම් එකතු කර අපනයනය කිරීමට වැඩපිළිවෙළ සකස් කළ යුතු බව පරිසර අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයින් හා සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අතර විශේෂ සාකච්ජාවක් අද (16) සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැත්විණි.
ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ පුරප්පාඩුවට නයන ප්‍රියංකර මහතා තෝරා ගෙන තිබේ.
බුදු දහමට සිදුවන තර්ජන මැඩලීම සඳහා නීති සම්පාදනය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
මෙම වසරේ ඔක්තෝබර් මාසය වනවිට ජනාධිපතිවරණය හෝ මහමැතිවරණය යන ප්‍රධාන මැතිවරණ දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම පැවැත්වීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
වසර ගණනාවක් තිස්සේ ප්‍රමාද වෙමින් පැවති සියලුම විශ්‍රාමික පාරිතෝෂිත ගෙවීමට අවශ්‍ය සියලු මුදල් ලැබීම නිසා, 2023 වර්ෂය වනවිට ගෙවීමට තිබූ සියලු හිඟ පර්තෝෂිත විශ්‍රාමිකයන් වෙත ගෙවා අවසන් කිරීමට හැකිවූ බවද එය මෙරට විශ්‍රාමිකයන් ලැබූ විශාල ජයග්‍රහණයක් බවද, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (10 ) ප්‍රකාශ කළේය.
ඖෂධ නිෂ්පාදකයන්ට ගෙවීමට ඇති හිඟ මුදල් රුපියල් බිලියන 13 ක මුදල මෙම වසර තුළ ගෙවා අවසන් කරන බව සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඊයේ (12) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙතෙක් පැවති සියලු සමාජ ආරක්ෂණ ක්‍රම එකට එකතු කර පොදු සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් මෙරට සමස්ත ශ්‍රම බලකායම අයත්වන පරිදි නව සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් ඉදිරි මාස තුනක කාලය තුළ දී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් එහි දී මෙතෙක් ක්‍රියාත්මක වූ සමාජ ආරක්ෂණ සියල්ල එක්කරමින් පොදු ආරක්ෂණ ක්‍රමයක් සකස් කිරීම සිදුවන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
චීනයේ පෞද්ගලික සත්වෝද්‍යාන රැසක් ශ්‍රී ලංකාවෙන් රිලව් ගැනීමට බොහොම කැමැත්තෙන් සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය.
දේශපාලනඥයින් විසින් කවර ප්‍රකාශ සිදු කළත් රජයක් පවත්වාගත යුතු වන්නේ සංඛ්‍යා ලේඛන මත පදනම් වෙමින් බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ හමුවේ මෙරට පැවති ආර්ථික අවපාතය යම් ප්‍රමාණයකට යථා තත්ත්වයට පත්ව ඇති බවත් එම තත්ත්වය පරිපූර්ණ කරගැනීමට නම් පක්ෂ භේදයකින් තොරව සියලු දෙනා ඊට සහය දැක්විය යුතු බවත් වෙළද රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා පැවසීය.
රට බංකොලොත්වී ඇති අවස්ථාවක හූති සටන්කාමීන් මෙල්ල කිරීමට රුපියල් කෝටි 25 කට වැඩි මුදලක් වැයකර නාවික යාත්‍රා යැවීම සාධාරණදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (9) ප්‍රශ්න කළේය.
Page 42 of 554