Saturday, April 27, 2024
Follow Us
කාරකසභා කිහිපයක් සඳහා සාමාජිකයින් නම් කෙරේ

පාර්ලිමේන්තුව විසින් 2024 පෙබරවාරි 09 දින සම්මත කරන ලද යෝජනා අනුව නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරයේ සේවය කිරීම සඳහා, පහත සඳහන් කාරක සභාවලට නම් කරන ලද සාමාජික මන්ත්‍රීවරයන්ගේ නාම ලේඛන නියෝජ්‍ය කථානායක  අජිත් රාජපක්ෂ මහතා අද (22) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

එම කාරක සභා සඳහා පත් කෙරුණු මන්ත්‍රීවරුන් පහත පරිදි වේ.

ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව

 ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි, ගරු ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ, ගරු විජිත බේරුගොඩ, ගරු තාරක බාලසූරිය, ගරු අනුරාධ ජයරත්න, ගරු චමල් රාජපක්ෂ මහතා, ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගරු මහින්දානන්ද අලුත්ගමගේ, ගරු ජයන්ත කැටගොඩ, ගරු නීතිඥ මධුර විතානගේ මහතා සහ ගරු සමන්ප්‍රිය හේරත් යන මන්ත්‍රීවරයන් නම් කොට තිබේ.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සඳහා ගරු නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, ගරු ලසන්ත අලගියවන්න, ගරු ප්‍රසන්න රණවීර, ගරු කේ. කාදර් මස්තාන්, ගරු ඩයනා ගමගේ, ගරු චාමර සම්පත් දසනායක, ගරු වජිර අබේවර්ධන, ගරු ඒ. එල්. එම්. අතාඋල්ලා,     ගරු විමලවීර දිසානායක, ගරු ජයන්ත කැටගොඩ, ගරු (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ, ගරු කරුණාදාස කොඩිතුවක්කු, ගරු ඉසුරු දොඩන්ගොඩ, ගරු නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත, ගරු මුදිතා ප්‍රිශාන්ති, ගරු එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන, ගරු නීතිඥ මධුර විතානගේ, ගරු ඩී. වීරසිංහ සහ ගරු මංජුලා දිසානායක යන මන්ත්‍රීවරයන්‍ නම් කර තිබේ.

 

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව

උක්ත කාරක සභාවට ගරු ජගත් පුෂ්පකුමාර, ගරු ජානක වක්කුඹුර, ගරු ලොහාන් රත්වත්තේ, ගරු ඉන්දික අනුරුද්ධ හේරත්, ගරු ශාන්ත බණ්ඩාර, ගරු මහින්දානන්ද අලුත්ගමගේ, ගරු දුමින්ද දිසානායක, ගරු රෝහිත අබේගුණවර්ධන, ගරු නිමල් ලාන්සා, ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර, ගරු සංජීව එදිරිමාන්න, ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, ගරු (මේජර්) සුදර්ශන දෙනිපිටිය, ගරු නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත, ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා, ගරු එම්. රාමේෂ්වරන්, ගරු රාජිකා වික්‍රමසිංහ, ගරු නීතිඥ මධුර විතානගේ සහ ගරු (මහාචාර්ය) රංජිත් බණ්ඩාර යන මන්ත්‍රීවරයන් නම් කර තිබේ.

 

මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව

ගරු ජගත් පුෂ්පකුමාර, ගරු එස්. වියාලේන්ද්‍රන්, ගරු අශෝක ප්‍රියන්ත, ගරු අ. අරවින්ද් කුමාර්, ගරු ගීතා සමන්මලී කුමාරසිංහ, ගරු ගාමිණී ලොකුගේ, ගරු වජිර අබේවර්ධන, ගරු (වෛද්‍ය) ගයාෂාන් නවනන්ද, ගරු ජයන්ත කැටගොඩ, ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර, ගරු මායාදුන්න චින්තක අමල්, ගරු නිපුණ රණවක, ගරු රාජිකා වික්‍රමසිංහ, ගරු එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන, සහ ගරු යදාමිණී ගුණවර්ධන යන මන්ත්‍රීවරයන් උක්ත කාරක සභාවට නම් කර තිබේ.

ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

ගරු චමල් රාජපක්ෂ, ගරු (ආචාර්ය) සරත් වීරසේකර, ගරු (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ යන මන්ත්‍රීවරයන් ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සාජිකයන් ලෙස නම් කර තිබේ.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

උක්ත කාරක සබාවට ගරු මහින්දානන්ද අලුත්ගමගේ, ගරු එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන සහ  ගරු (මහාචාර්ය) රංජිත් බණ්ඩාර යන මන්ත්‍රීවරයන් නම් කර තිබේ.

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය, ගරු මංජුලා දිසානායක යන මන්ත්‍රීවරයන් කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට සාමාජිකයන් ලෙස නම් කර තිබේ.

ආයෝජන ප්‍රවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව.

ආයෝජන ප්‍රවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සඳහා ගරු අ. අරවින්ද් කුමාර්, ගරු ධම්මික පෙරේරා, ගරු යදාමිණී ගුණවර්ධන යන මන්ත්‍රීවරයන් සමාජිකයන් ලෙස නම් කර තිබේ.

අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

ගරු අනුප පස්කුවල්, ගරු විමලවීර දිසානායක සහ ගරු ගුණතිලක රාජපක්ෂ යන මන්ත්‍රීවරයන් උක්ත කාරක සභාවට නම් කර තිබේ.

 

ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

ගරු එස්. එම්. එම්. මුෂාරෆ්, ගරු ජයන්ත කැටගොඩ, ගරු සංජීව එදිරිමාන්න යන මන්ත්‍රීවරයන් ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට නම් කර තිබේ.

 

සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

ගරු කනක හේරත්, ගරු (වෛද්‍ය) ගයාෂාන් නවනන්ද,  ගරු (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ යන මන්ත්‍රීවරයන් සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට නම් කර තිබේ.

කෘෂිකර්ම  සහ වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

ගරු උදයකාන්ත ගුණතිලක , ගරු කුලසිංහම් තිලීපන්, ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ යන මන්ත්‍රීවරයන් කෘෂිකර්ම  සහ වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට නම් කර තිබේ.

වනජීවී හා වනසම්පත් සංරක්ෂණ  කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

ගරු චාමර සම්පත් දසනායක, ගරු කපිල අතුකෝරල  සහ ගරු කුමාරසිරි රත්නායක යන මන්ත්‍රීවරයන් උක්ත කාරකසභාවට නම් කර තිබේ.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

ගරු නීතිඥ සිසිර ජයකොඩි, ගරු නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත, ගරු නීතිඥ සාගර කාරියවසම් යන මන්ත්‍රීවරයන් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට නම් කර තිබේ.

කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

ගරු ප්‍රේමලාල් ජයසේකර, ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර, ගරු ලලිත් වර්ණ කුමාර යන මන්ත්‍රීවරයන් උක්ත කාරක සභාවට නම් කර තිබේ.

නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

ගරු කෝකිලා ගුණවර්ධන, ගරු මිලාන් ජයතිලක, ගරු නීතිඥ මධුර විතානගේ යන මන්ත්‍රීවරයන්  නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට නම් කර තිබේ.

විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

ගරු එස්. බී. දිසානායක, ගරු නීතිඥ නාමල් රාජපක්ෂ සහ ගරු (මේජර්) සුදර්ශන දෙනිපිටිය යන මන්ත්‍රීවරයන් උක්ත කාරකසභාවට නම් කර තිබේ.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

ගරු එච්. නන්දසේන, ගරු ගුණතිලක රාජපක්ෂ, ගරු සමන්ප්‍රිය හේරත් යන මන්ත්‍රීවරයන් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට නම් කර තිබේ.

විදුලිබල හා බලශක්ති  කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

ගරු ගාමිණී ලොකුගේ, ගරු දුමින්ද දිසානායක, ගරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩ යන මන්ත්‍රීවරයන් උක්ත කාරක සභාවට නම් කර තිබේ.

පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

ගරු එස්. එම්. චන්ද්‍රසේන, ගරු ඉසුරු දොඩන්ගොඩ, ගරු මුදිතා ප්‍රිශාන්ති යන මන්ත්‍රීවරයන් පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට නම් කර තිබේ.

ක්‍රීඩා හා යෞවන  කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ගරු මිලාන් ජයතිලක, ගරු ඩී. වීරසිංහ යන මන්ත්‍රීවරයන් මෙම කාරක සභාවට නම් කර තිබේ.

වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

ගරු ඩී. වීරසිංහ, ගරු යදාමිණී ගුණවර්ධන, ගරු ජගත් සමරවික්‍රම යන මන්ත්‍රීවරයන් වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට නම් කර තිබේ.

කම්කරු  හා විදේශ රැකියා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

ගරු ඩී. බී. හේරත්, ගරු නීතිඥ ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, ගරු ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා උක්ත කාරක සභාවට නහ් කර තිබේ.

රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කටයුතු පිලිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

ගරු සම්පත් අතුකෝරල, ගරු තිසකුට්ටි ආරච්චි, ගරු එම්. රාමේෂ්වරන් යන මන්ත්‍රිවරයන් රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කටයුතු පිලිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට පක් කර තිබේ.