Saturday, April 27, 2024
Follow Us
ලංකාවේ දැවැන්තම තීරණාත්මක දේශපාලන වෙනස ඇති කරනවා  - දිලිත් ජයවීර

ශ්‍රී ලංකාවේ දැවැන්තම තීරණාත්මක දේශපාලන, සමාජ, ආර්ථික වෙනස ඇති කිරීමට සුදානම් බව මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සමුළුවට සහභාගී වූ ජනතාව අමතමින් ප්‍රඥා දුන්නේය.

සතුටු දැයක් නිර්මාණය කිරීම සඳහා ව්‍යවසායකත්ව රාජ්‍යක් ගොඩ නැගීම අරමුණු කර ගත් මෙම සමුළුව කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ පැවැත්විය. හිටපු අමාත්‍යවරුන් වන මව්බිම ජනතා පක්ෂයේ සභාපති ආචාර්ය සරත් අමුණුගම, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක හේමකුමාර නානායක්කාර සහ විශේෂයෙන්ම හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මැතිණිය ද දිලිත් ජයවීර මහතාගේ සතුටු දැයක් වෙනුවෙන් සහය පළකරමින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.