Saturday, April 27, 2024
Follow Us
සුළු හා මධ්‍යම ආයෝජකයින් ආරක්ෂාට පනතක්

සුළු හා මධ්‍ය පරිමාණ ආයෝජකයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් සුරක්ෂිතලත් ගනුදෙනුවලට අදාළ පනත් කෙටුම්පත ගෙන එන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කෙළේය.

ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා මේ බව සඳහන් කළේ අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.

වාහන ඉඩකඩම් ආදිය ඇපයට තබා ගනිමින් ණය ලබා ගැනීම සිදුවන අතර මෙම පනත් කෙටුම්පත තුළින් සිදුවන්නේ ස්පර්ශ කළ නොහැකි දේපළ එනම් ව්‍යාපාරයක හිමිකාරිත්වය, ව්‍යාපාරයක කොටස් අයිතිය ආදිය ඇපයට තබා ගනිමින් ණය ලබාගැනීමට ඇති අවස්ථා පුළුල් කිරීම බවයි.

මෙම ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සඳහා වෙනමම කාර්යාලයක් ද ස්ථාපිත කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.