Sunday, April 28, 2024
Follow Us
ජනාධිපති අපේක්ෂක අභියෝගය ගන්න සූදානම්

ජනාධිපති ධුර අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීමට ආරාධනාවක් ලැබුණ හොත් අභියෝගය භාරගන්නා බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

දේශය වෙනුවෙන් එක්වන පියවරක් මත පදනම්ව පුළුල් දේශපාලන සන්ධානයක් ඇතිකිරීම අපේක්ෂාව බවත් පොදු එකඟතා හරහා දේශපාලන සන්ධානය පවත්වාගෙන යාම අරමුණ බවත් ඒ මහතා කීය.

 ඒ යටතේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සහ අපේක්ෂකයා තෝරාගැනීම සිදුවනු ඇතැයි පැවසූ රණවක මහතා රටේ අර්බුද විසඳීමට ඉදිරිපත්ව, ජනාධිපතිධුරාපේක්ෂකයා වෙන්නැයි සාමූහික නායකත්වය ඉල්ලා සිටියහොත්, අභියෝගය භාර ගැනීමට සූදානම් බව ද සඳහන් කළේය.

එහිදී ලැබෙන වගකීම කුමක්ද යන්න තමන්ට අදාල නොවු බව පැවසු රණවක මහතා මෙවර ද පොදු අරමුණක් සඳහා තමන්ගේ දායකත්වය තිබෙන බව ද කීය.


සුදුසු ඕනෑම ජනාධිපති අපේක්ෂකයකුට තමන්ගේ සහාය හිමිවන බවත් සාමුහිකය සිතන්නේ තමන් එයට සුදුසු ලෙසට නම් තමන් එම අභියෝගය භාර ගැනීමටද සුදානම් බව පාඨලී චම්පික රණවක මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 

-Lankadeepa