Sunday, April 28, 2024
Follow Us
ත්‍රෛනිකායික මහා නා හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

මහජන සුභ සිද්ධිය, ජාතික ආරක්‍ෂාව මෙන්ම රටේ ආර්ථික ස්ථායිත්වය පදනම් කොට ආරම්භ කරන ලද රාජ්‍ය ව්‍යාපාර රටේ මහජන සම්පත් බව නොරහසකි. එකී රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමට වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව සමාජය තුළ දැඩි විවේචනයක් පවතින බව ත්‍රෛනිකායික මානාහිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයාට ලිපියක් යොමු කොට තිබේ .

තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, මල්වතු පාර්ශවයේ මහානායක ,වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි පාර්ශවයේ මහානායක  ,කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති අමරපුර මහා සංඝ සභාවේ සභාපති  , මකුලෑවේ ශ්‍රී විමල ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහානාහිමිවරුන්ගේ අත්සනින් යුතුව යොමුකොට ඇති එම ලිපිය මෙසේයි .

එම ක්‍රියාපාටිය තුළ විනිවිද භාවයක් නොමැති වීම මෙන්ම මහජන අදහස් හා යෝජනා පිළිබඳව අවධානය යොමු නොකොට ප්‍රතිව්‍යුහගත කිරීමේ ව්‍යාපාරයෙන් රාජ්‍ය සම්පත් විකුණා දැමීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වීම තුළින් මහජන සුභසාධනය, ජාතික හා සමාජ ආරක්ෂාව පිළිබඳ දැඩි අවිනිශ්චිතතාවයක් උද්ගතව ඇත.

එම ලිපිය පහතින් දැක්වේ

image 8d230ff6f7

image eff3184744

 

Lankadeepa