Monday, March 23, 2026
Follow Us
Political

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරු නැගෙනහිර නියෝජනය කරන ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (21) පස්වරුවේ පැවැත්විණි.

Political

අද රටේ පවතින ප්‍රධානම ප්‍රශ්නය ඩොලර් ප්‍රශ්නය බවත්, ඩොලර් ලබා ගැනීමට හැකි වුවහොත් රට ගොඩනැඟීම අපහසු කාර්යයක් නොවන බවත්, ඒ සඳහා අපි බලයට පත්වූ විට රට ඩිජිටල් අපනයන කේන්ද්‍රීය විප්ලවයකට යොමු කරන බවත් පැවසූ සමගි ජන බලවේගයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ඒ තුළින් බියගම නිදහස් වෙළෙඳ කලාපයත් ඩොලර් උපදවන මධ්‍යස්ථානයක් බවට පත්කරන බවද පැවසීය.

Political

අද (13) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස්වූ අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර තිබිණි.

Political

නව අයවැය ප්‍රතිපාදන යටතේ දිවයින පුරා සියලු සංවර්ධන කටයුතු කඩිනම් කරන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සියලු ආණ්ඩුකාරවරුන්ට සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට උපදෙස්  දෙනු ලැබීය.

Political

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනේදී වගකීමෙන් ක්‍රියාකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටියේය.

Political

ශ්‍රී ලංකා - ඉතාලි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිඳිගොඩ මහතා පසුගියදා (11) පත් කෙරිණි.

Political

2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් තැබීම හේතුවෙන් පැන නැගී ඇති ගැටලු විසඳීම සඳහා කමිටුවක් පත් කිරීම යෝග්‍ය බවට මැතිවරණ කොමසාරිස් ජනරාල් විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇත. 

Political
මෙරට විශ්විද්‍යාලවල මානව ශාස්ත්‍ර අංශයේ ප්‍රතිසංස්කරණ රැසක් නුදුරේදීම සිදු කිරීමට සැළසුම් කර තිබෙන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පැවසීය.
Political
අද (12) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස්වන අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.
Political

ඩයස්පෝරාව නියෝජනය කළ පමණින් යමෙකු අන්තවාදියෙකු හෝ ශ්‍රී ලාංකික විරුද්ධවාදියකු නොවන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.

Political

පාර්ලිමේන්තුවේ 225 දෙනාම එකට එකතු වී දූෂිත වංචාකාරි ක්‍රිකට් පරිපාලනය වෙනස් විය යුතු බවට යෝජනාවක් සම්මත කළත් හිටපු පත් කරපු අන්තර්වාර කමිටුව ක්‍රීඩා ඇමැතිවරයා ඉල්ලා අස්කර ගත් නිසා නැවතත් ක්‍රිකට් පරිපාලනය දූෂිත කල්ලිය අතට ගොස් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසීය.

Political

අලි ඝාතන කරන අයට මිනිස් ඝාතනයට සමාන දඬුවමක් දිය යුතු යැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල්  සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

Political

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ සාධනීය වෙනසක් සඳහා පියවර ගනිමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Political

වැට් (සංශෝධන) පනත් කෙටුම්පත සහ මුදල් කෙටුම්පතටත් කථානායකවරයාගේ සහතිකය හිමි වෙයි

අද (13) පාර්ලිමේන්තුවේ දී සම්මත කරන ලද 2024 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා අද සිය සහතිකය සටහන් කළේය.

Political
එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී අද (11 ) සම්මත විය.
Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව නායකත්වය සඳහා එම පක්ෂයේ හිටපු නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත වරක් තෝරා පත් කරගැනිණි.

Political

2024 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් අද (13) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

Political

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ මුදල් පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම අද දිනයේම සිදුකිරීමට සභානායක  ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සිදුකළ යෝජනාව වැඩි ජන්දයෙන්  පාර්ලිමේන්තුවේදී සම්මත  විය.

2024 විසර්ජන පනත් කෙටුම්පතේ අද දිනට නියමිත කාරක සභා අවස්ථාවේ වැඩකටයුතු නිමවීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ සදහන් එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ මුදල් පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනිවර කියවීම අද දිනම (11) සම්මත කර ගැනී‍මට මෙහිදී සභානායකවරයා විසින් යෝජනා කර සිටියේය. තවද ඉන් අනතරුව පරිපූරක ඇස්තමේන්තුව ද අද දිනම අනුමත කරගත යුතු බවද සභානායකවරයා යෝජනා කර සිටියේය.

ඒ අනුව විපක්ෂය විසින් එම යෝජනාව සඳහා ජන්දයක් අවශ්‍ය බව පැවසීය. ඒ අනුව අද පෙරවරු 10.00 ට පමණ පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 92ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 41ක්  හිමි විය. 

එක් මන්ත්‍රීවරයෙක් ජන්දය භාවිත කිරීමෙන් වැළකී සිටි අතර ඒ අනුව වැඩි ඡන්ද 51 කින් ආණ්ඩු පක්ෂය ගෙනා යෝජනාව සම්මත විය.