Tuesday, January 27, 2026
Follow Us
Political

පාර්ලිමේන්තුව ලබන 9 වැනිදා සිට 12 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා පැවසීය.

Political
  • මුස්ලිම් ආගමික අධ්‍යාපන ගැටළුවට කඩිනම් විසඳුම්.
  • කඳුකර ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න කෙරෙහි විශේෂ අවධානයක්.
  • ත්‍රස්තවාදයට සම්බන්ධයක් නැති, රටේ විප්ලවයක් ඇති කිරීමට හේතු නොවන අදහස් ප්‍රකාශ කිරීම්වලට ඉඩ ලැබිය යුතුයි.
  • සමෘද්ධිමත්, එක්සත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් එක්ව කැපවෙමු- ජනපති සියලු දේශපාලන පක්ෂ වෙත යළි ඇරයුම් කරයි.
Political

2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් තැබීම හේතුවෙන් පැන නැගී ඇති ගැටලු විසඳීම සඳහා කමිටුවක් පත් කිරීම යෝග්‍ය බවට මැතිවරණ කොමසාරිස් ජනරාල් විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇත. 

Political

කුමන ප්‍රවෘත්ති පැතිර ගියද දහස් ගණනින්, ලක්ෂ ගණනින් රාජ්‍ය සේවකයෝ ගෙදර නොයවන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය. ආගමික වතාවත් මැද අගමැති කාර්යාලයේදී නව වසරේ රාජකාරි කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට අද (01) එක්වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කෙළේය.

Political

අනවසර ඉදිකිරිම් වැළැක්වීම සඳහා පළාත් පාලන පනතට ඉදිරියේදී සංශෝධන කිහිපයක් ගෙන එන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

Political

ඩයස්පෝරාව නියෝජනය කළ පමණින් යමෙකු අන්තවාදියෙකු හෝ ශ්‍රී ලාංකික විරුද්ධවාදියකු නොවන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.

Political
  • ආර්ථිකය ගොඩනැගීමේ අසීරු තීරණ මේ වන විට ගෙන අවසන්.
  • ජනතාවට කඩිනම් සහන ලබාදීම රජයේ අරමුණයි – ජනපති නව ගුවන් හමුදා මූලස්ථානය විවෘත කරමින් පවසයි.
Political

කම්කරු දෙපාර්තමේන්තුවට වසර සියයක් සම්පූර්ණවීම නිමිත්තෙන් නිකුත් කරන ලද සියවස් සමරු මුද්දරය ඊයේ (21) එළි දක්වනු ලැබූ අතර එහි පළමු මුද්දරය හා මුල් දින කවරය කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් 1994 වසරේ සිය 2000 වසර දක්වා කම්කරු ඇමැතිවරයා වශයෙන් කටයුතු කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ප්‍රදානය කරනු ලැබුවේය.

Political

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ සාධනීය වෙනසක් සඳහා පියවර ගනිමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Political

හොඳින් හෝ නරකින් ආර්ථිකය, රට සහ ජනතාව ගොඩ නැගීමට පියවර ගන්නා බවත් ඊට අවශ්‍ය තීන්දු නොබියව ගැනීමට කටයුතු කරන බවත් ඒ සඳහා අවශ්‍ය බලය සහ මඟ පෙන්වීම ජනාධිපතිවරයා ලබා දී ඇති බවද කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

Political

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාර්ෂික ගෘහස්ථ ක්‍රීඩා තරඟාවලියේ ජයසංකේත සහ සහතික පත් ප්‍රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ බිලියඩ් ශාලාවේදී පසුගියදා (13) පැවැත්විණි.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව නායකත්වය සඳහා එම පක්ෂයේ හිටපු නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත වරක් තෝරා පත් කරගැනිණි.

Political

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් පක්ෂ ගණනාවකින් තමන්ට ආරාධනා ලැබී තිබුණත් තවම කිසිවෙකු හෝ බැඳී නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

Political

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරු නැගෙනහිර නියෝජනය කරන ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (21) පස්වරුවේ පැවැත්විණි.

Political

අද රටේ පවතින ප්‍රධානම ප්‍රශ්නය ඩොලර් ප්‍රශ්නය බවත්, ඩොලර් ලබා ගැනීමට හැකි වුවහොත් රට ගොඩනැඟීම අපහසු කාර්යයක් නොවන බවත්, ඒ සඳහා අපි බලයට පත්වූ විට රට ඩිජිටල් අපනයන කේන්ද්‍රීය විප්ලවයකට යොමු කරන බවත් පැවසූ සමගි ජන බලවේගයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ඒ තුළින් බියගම නිදහස් වෙළෙඳ කලාපයත් ඩොලර් උපදවන මධ්‍යස්ථානයක් බවට පත්කරන බවද පැවසීය.

Political

වැට් බදු ආදී අධික බදු බර පටවා රටේ බහුතර ජනතාව දරිද්‍රතාවට පත් කිරීම නිසා රටේ තරුණ පරපුර නන්නත්තාර වී ඇතැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

Political

නව අයවැය ප්‍රතිපාදන යටතේ දිවයින පුරා සියලු සංවර්ධන කටයුතු කඩිනම් කරන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සියලු ආණ්ඩුකාරවරුන්ට සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට උපදෙස්  දෙනු ලැබීය.

Political

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනේදී වගකීමෙන් ක්‍රියාකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටියේය.