පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ පනත් කෙටුම්පත් 04ක් සඳහා ඊයේ (23) සිය සහතිකය සටහන් කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (24) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
සියලු ව්‍යපාර වැට් බදු ගෙවීමට යටත් කලොත් පොත්පත් සියල්ලේ වැට් බද්ද අඩු කළ හැකි බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඖෂධ නිෂ්පාදකයන්ට ගෙවීමට ඇති හිඟ මුදල් රුපියල් බිලියන 13 ක මුදල මෙම වසර තුළ ගෙවා අවසන් කරන බව සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඊයේ (12) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඊයේ (23) සහ අද (24) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැණුනු මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී අද (24) සම්මත විය.
රට යළි ගොඩනැගීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ හැර වෙනත් විකල්පයක් නොමැති බවත් එබැවින් සියලු පක්ෂ බේද පසෙකලා එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට දායක විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
දේශපාලනඥයින් විසින් කවර ප්‍රකාශ සිදු කළත් රජයක් පවත්වාගත යුතු වන්නේ සංඛ්‍යා ලේඛන මත පදනම් වෙමින් බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
දුප්පත් අහිංසක ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබා, ඔවුන් වෙනුවෙන් සේවය කිරීමේ වගකීමෙන් බැහැරවීමට රාජ්‍ය සේවකයාට නොහැකි බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
ආර්ථිකය ගොඩනඟා රට ස්ථාවර කිරීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අවස්ථාවක් ලබාදිය යුතු බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
ස්වභාවික සම්පත් අමුද්‍රව්‍ය වශයෙන් නොව ඒවා සඳහා වටිනාකම් එකතු කර අපනයනය කිරීමට වැඩපිළිවෙළ සකස් කළ යුතු බව පරිසර අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මිලියන, බිලියන ගණනක ධනය අපට මඩ ගැසීමට වියදම් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය. කොළඹ දකුණ ප්‍රදේශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා පසුගියදා නෙළුම් පොකුණ රඟහලේදී පැවති විශේෂ වැඩමුළුවකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයින් හා සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අතර විශේෂ සාකච්ජාවක් අද (16) සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැත්විණි.
ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ පුරප්පාඩුවට නයන ප්‍රියංකර මහතා තෝරා ගෙන තිබේ.
විපක්ෂය කුමන විවේචන එල්ල කළ ද රජයේ නව ආර්ථික ප්‍රතිසංස්කරණවල සුබවාදී ප්‍රතිඵල ඉදිරියේදී ජනතාවට අත්දකින්නට ලැබෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය.
බුදු දහමට සිදුවන තර්ජන මැඩලීම සඳහා නීති සම්පාදනය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
මෙම වසරේ ඔක්තෝබර් මාසය වනවිට ජනාධිපතිවරණය හෝ මහමැතිවරණය යන ප්‍රධාන මැතිවරණ දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම පැවැත්වීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අතුරුගිරිය මංසන්ධියේ පවතින රථ වාහන තදබදය වැළැක්වීම කඩිනමින් අරඹ්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
Page 41 of 553