United National Party ( UNP) Deputy Leader Ruwan Wijewardene yesterday issued green proclamation on behalf of the party in an effort to safeguard Sri Lanka’s natural environment and natural resources thereby ensuring a sustainable future for our citizens.
එළඹෙන පළාත් සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම සන්ධානයකින් තරඟ වැදීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි පවසනවා. එම සන්ධානයට තවත් පක්ෂ කිහිපයක් එක්වීමට නියමිත බවයි දේශපාලන ආරංචි සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
The Court of Appeal today dismissed without hearing the writ petition filed by lawyers of imprisoned Minister Ranjan Ramanayake seeking an injunction restraining him from losing his parliamentary seat.
රන්ජන් රාමනායකගේ පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුන සඳහා පසුගිය වසරේ පැවති මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ කළ අජිත් මාන්නප්පෙරුම පත්වීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසා සිටින්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අගරදගුරු තුමන් විසින් කරන ලද ප්‍රකාශය පසුපස කිසියම් දේශපාලන හස්තයක් ඇත්දැයි සැක සහිත බවයි.
“ටෘත් විත් චමුදිත” නම් වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පවසා සිටියේ අද වන විට විෂ පොල්තෙල් රට පුරා විහිදී අවසන් බවත් තමන් ඒ බව වගකීමෙන් පවසන බවත්ය.
රජය මගින් පසුගිය ආණ්ඩු සමයේ ඖෂධ නිකුත් කිරීමේදී විශාල ලෙස මූල්‍ය අක්‍රමිකතාවක් සිදුව තිබෙන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා සඳහන් කරයි.
පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මේ සතියේ කැබිනට් රැස්වීමේදී ද එකඟතාවකට පැමිණීමට නොහැකි වී ඇති බව වාර්තා වේ. මීට පෙර කැබිනට් රැස්වීම් දෙකකදීමත් මේ තත්වය උද්ගත වී තිබිණි.
වසර හතරක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියමව සිටින රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් ගොනු කර ඇති රිට් පෙත්සමට අදාළව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනවාද නැද්ද යන්න අභියාචනාධිකරණය විසින් අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.
පාම් ඔයිල් ගෙන්වීම හදිසියේම නතර කිරීම නිසාත් සීනි බදු වංචාවට සම්බන්ධ පිරමිඩ් විල්මාර් ආයතනයට රුපියල් ලක්ෂ 8000ක පමණ අමතර ලාබයක් අත්වෙමින් පවතින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.
ඊයේ(05) නාවල දී පැවති ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ නියෝජිත මහා සභාවෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරු තුමන් විසින් තමන් පිළිබඳව කළ ප්‍රකාශය ගැන කණගාටු වන්නේ යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේය.
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබෙනවා. ඒ, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සිදුකරන ලද පැමිණිල්ලට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.
පාම් ඔයිල් ආනයනය කිරීම හදිසියේම තහනම් කළේත් කිසියම් ව්‍යාපාරිකයකුට විශේෂ වාසියක් අත්කර දීමටදැයි සැකයක් මතුවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
The Sri Lanka Nidahas Sevaka Sangamaya (SLNSS) and the Sri Lanka Freedom Party (SLFP) yesterday entered into a Memorandum of Understanding (MOU) to establish a joint trade union bureau, SLFP General Secretary Dayasiri Jayasekara said.
The Sri Lanka Freedom Party (SLFP) has imposed strong pressure on its members to withdraw from the government, citing step motherly treatment to its members and regional leaders in the hands of bigwigs from the ruling Sri Lanka Podujana Peramuna (SLPP).
වසර හතරක බරපතල වැඩ සහිත සිරදඬුවමකට යටත්ව සිටින රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය නිතැතින්ම අහෝසි වන බව නීතිවේදීන් පවසනවා. ඒ, ඔහු ගොනුකර තිබූ රීට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියෝග කිරීම හේතුවෙන්. සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වළක්වන ලෙස ඉල්ලා රන්ජන් රාමනායක මෙම රීට් පෙත්සම ගොනු කර තිබුණා.
Leader of the House Dinesh Gunawardene presented a motion to appoint a select committee to identify appropriate changes to the election laws and electoral system and to recommend necessary amendments.
Parliament will sit five days this week with two days allocated to debate the report of the Presidential Commission of Inquiry that looked into political victimisation under the previous regime.
The debate will take place on 8 and 9 March.
Page 294 of 552