Thursday, February 12, 2026
Follow Us
ඔන් ලයින් ක්‍රමයට මැයි දිනය සමරන්න පක්‍ෂ කිහිපයක අවධානය

රට තුළ ව්‍යාප්ත වන කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර මැයි දින රැලි සහ පෙළපාලි අවලංගු කිරීමට තීරණය කෙරුණද දේශපාලන පක්ෂ කිහිපයක් අන්තර්ජාලය ඔස්සේ මැයි දින සැමරුම් පැවැත්වීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ ලංකා සම සමාජ පක්ෂයද අන්තර්ජාලය හරහා ඔන්ලයින් ක්‍රමය ඔස්සේ මැයි දින සැමරුමක් පැවැත්වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ පැවසුවා.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ජාත්‍යන්තර කම්කරු සැමරුම සිදු කරන ආකාරය සම්බන්ධයෙන් සිය පක්ෂය ඉදිරි දින කිහිපය තුළ තීරණයක් ගන්නා බවයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පැවසුවේ ඩිජිටල් තාක්‍ෂණය ඔස්සේ මැයි දිනය සමරන්නේ ද යන්න පිළිබද සිය පක්‍ෂය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.

(Neth)