Thursday, February 12, 2026
Follow Us
මන්ත්‍රී රිෂාඩ් බදූර්දීන් සහ ඔහුගේ සොයුරාව දින 90ක් රඳවා තබාගැනීමට CIDයට අවසර

අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදූර්දීන් මහතා සහ ඔහුගේ සොයුරු රියාජ් බදූර්දීන් මහතාව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක් රඳවා තබාගැනීමට ආරක්ෂක අමාත්‍යාංශය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදී ඇති බව වාර්තා වේ.

ඔවුන් දෙදෙනාව පසුගිය 24 වනදා අළුයම අත් අඩංගුවට ගනු ලැබුවේ 2019 පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාවෙහි බෝම්බකරුවන් සමග සබඳතා පැවැත්වීම සහ ඔවුන්ට ආධාර අනුබල ලබාදීමේ චෝදනා යටතේය.

(LNW)