Thursday, February 12, 2026
Follow Us
හරීන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

ඒ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බැවින් තමා එලෙස අත්අඩංගුවට ගැනීම වලක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසයි.

නීතීඥ සනත් විජේවර්ධන මහතා මගින් ගොනුකළ එම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් රහස් පොලිස් අද්‍යක්ෂකවරයා,පොලිස්පතිවරයා,මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය සරත් වීරසේකර සහ නීතීපතිවරයා නම්කර ඇත.

(Aruna)