දැඩි කතාබහකට ලක්වූ සුදු ළුෑණු වංචාවට තමාගේ නමද ඈදා ගනිමින් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
SJB MP Harin Fernando who is currently under treatment for heart complications is to undergo decisive heart surgery today.
බඩුමිල පාලනය කිරීම සඳහා යැයි කියමින් හදිසි නීතිය පැනවූ නමුත් ඒ ඔස්සේ රටේ ප්‍රධානම ආහාරය වන සහල් මිල පාලනය කරගැනීමට හැකියාවක් ආණ්ඩුවට නොලැබුණු නිසා දැන් හදිසි නීතිය අහෝසි කළයුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසයි.
වත්මන් ආර්ථික අර්බුදය ඇතිවූයේ කොරෝනා වසංගතය නිසා නොවන බවත්, ආර්ථික කඩා වැටීම ආරම්භ වූයේ 2019 නොවැම්බර් මාසයේදී බවත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කොරෝනා වසංගතයට මුවාවෙමින් පාලකයන්ගේ අසාර්ථකත්වය වසාගත නොහැකි බවයි එජාප නායකයා අවධාරණය කරන්නේ.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඔස්සේ ද විමර්ශනයක් නුදුරේදීම ආරම්භ කිරීමට නියමිත බව ආරංචිමාර්ග පවසයි.
අසාර්ථක පාලකයින් නැවතත් රට තුළ ආගම්වාදී ගැටුමක් ඇතිකිරීමට උත්සාහ දරමින් සිටින්නේද යන සාධාරණ සැකයක් මතුවෙමින් තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
සහල් මිල තීරණය කිරීම සඳහා සහල් මෝල් හිමියන්ට ඉඩ ලබාදිය නොහැකි බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. නාඩු සහල් මිල රුපියල් 100 දක්වා අඩු කරන බවත්, ඒ සඳහා තවත් සතියක කාලයක් ලබාදෙන ලෙසත් ඇමතිවරයා සඳහන් කරනවා.
ඩඩ්ලි සිරිසේන මහතා ඇතුළු මහා පරිමාණ සහල් මෝල් හිමියන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සහල් මිල ගණන් ප්‍රකාශයට පත් කිරීම ඉතා හොඳ දෙයක් බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. සහල් මාෆියාකරුවන් කවුරුන්දැයි දැන් රටම දන්නා බව ඇමතිවරයා සඳහන් කරනවා.
2022 අයවැය සඳහා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ විසින් ද යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ.
Leaders of political parties representing Parliament has decided to hold sittings for five days next week, Chief Government Whip Johnston Fernando said today.
පාර්ලිමේන්තුවේ සම්මත වී ඇති ජාතික බලශක්ති ප්‍රතිපත්තිය අනුව LNG ටර්මිනල් ක්‍රියාත්මක විය යුත්තේ රජයේ පාලනය යටතේ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසනවා. එවැනි ප්‍රතිපත්ති පවා උල්ලංඝනය කරමින් යුගදනවි ගිවිසුම හරහා, අලුතින් ඉදිකරන LNG ටර්මිනල් පද්ධතියද ඇමරිකානු සමාගමට ලබා දී ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.
ඕනෑම මොහොතක රට තුළ අන්තවාදී ප්‍රහාරයක් එල්ල විය හැකි බවට මාධ්‍ය වෙත කළ ප්‍රකාශය සම්බන්ධයෙන් බොදුබල සේනාවේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ව කැඳවා ප්‍රකාශයක් සටහන් කරනොගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කණ්ඩායම්වල ඉලක්කය වී තිබෙන්නේ දත්ත මකා දැමීමට වගකිව යුතු පුද්ගලයන් නොව ඒ පිළිබඳව තොරතුරු හෙලිදරව් කරන දේශපාලනඥයන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකයා මේ බව සඳහන් කළේය.
සහල් මිල ජනතාවට දරාගත නොහැකි මට්ටමට ඉහළ ගොස් තිබෙන්නේ ආණ්ඩුවේ, අවිද්‍යාත්මක තීන්දු තීරණ නිසා බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසනවා. සහල් මිල පාලනය කිරීම සඳහා හෝ හිගයකින් තොරව සහල් වෙළඳපොලට පැමිණීම වෙනුවෙන් ආණ්ඩුවට කිසිදු නිශ්චිත වැඩපිළිවෙලක් නොතිබූ බවයි ජවිපෙ නායකයා පවසන්නේ.
16 හැවිරිදි දැරියක් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී මියයාමේ සිද්ධියේ පස්වන සැකකරු ලෙස නම් කර සිටින රිෂාඩ් බදියුදීන් ඔක්තෝම්බර් 14 වනදා තෙක් තවදුරටත් දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
යුගදනවි බලාගාරයේ කොටස් 40%ක් ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට දීම තමන්ට ප්‍රශ්නයක් නොවන බවත් තමන්ට ප්‍රශ්නය වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ගෑස් සැපයීමේ ඒකාධිකාරය 2023 සිට වසර පහකට ඇමරිකානු සමාගමකට හිමිවීම බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
පාරිභෝගික ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් දිනපතා පැය 24ටම ගැසට් ගැසීමට අවශ්‍ය නම් එය කළ යුතු බවත් එය රජයේ ප්‍රතිපත්තිය බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පවසයි.
Page 243 of 552