ගොවියා ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අනිවාර්යයෙන්ම පාරට බසින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
තම කණ්ඩායම සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව සමගි ජන බලවේගය නිර්මාණය කළේ කැඩී බිඳීයන්නට නොවන බවත් තමන් අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ ආණ්ඩුවක් පිහිටුවන අතර ඒ ගැන කිසිවෙකුත් සැකයක් තබාගත යුතු නොමැති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරාළ මහත්මිය අවධාරණය කරයි.
ආණ්ඩුවේ අදූරදර්ශී තීරණ හේතුවෙන් වී ගොවියා ඇතුළු සමස්ත ගොවි ජනතාවම අන්ත අසරණ වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. වී වගාව සඳහා අවශ්‍ය පොහොර වෙනුවට වෙනත් භෝග සඳහා භාවිතා කරන පොහොර ලබා දී ඇති බව පෙන්වා දෙන විපක්ෂ නායකයා පවසන්නේ ආණ්ඩුවේ අදූරදර්ශී තීරණවලට ගොවි ජනතාවට සිය ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුව ඇති බවයි.
ආන්දෝලනාත්මක කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා කඩිනමින් දිනයක් ලබාදෙනු ඇතැයි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය පවසනවා.
Cabinet is expected to give the nod for the increase of milk powder by Rs.200 shortly and thus push the price of a one kilogram packet from Rs.945 to Rs.1,145, UNP Deputy Leader Ruwan Wijewardene said over the weekend.
ඉදිරි අයවැයෙන් ජනතාව පුදුමයට පත් කරවන බවත් ඒ නිසා අයවැය පිළිබඳව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවත් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා. අයවැයෙන් පසු කිරිපිටි, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයද අවසන් කරන බවයි ඇමතිවරයා පවසන්නේ.
එළඹෙන සතිය තුළ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා දෙකක් සහ පාර්ලිමේන්තු විශේෂ කාරක සභා දෙකක් රැස්වීමට නියමිතව තිබේ.
ආණ්ඩුව ගෙනයන ජනතාවදී පාලනය කඩාකප්පල් කරන කුමන්ත්‍රණකාරයන් සිටින්නේ ආණ්ඩුව තුළම බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. ආණ්ඩුව තුළ සිටිමින්ම ඔවුන් ආණ්ඩුව විවේචනය කරන බව පෙන්වා දෙන රාජ්‍ය ඇමතිවරයා සඳහන් කරන්නේ එය කිසිසේත්ම සුදුසු තත්වයක් නොවන බවයි.
Wasantha Samarasinghe, Convener of the Voice Against Corruption and member of the JVP Central Committee has revealed that the Ceylon Petroleum Corporation (CPC) is gearing to obtain a loan of US $ 2.5 billion from an American company called PSL.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් ආචාර්ය රෝහිත රාජපක්ෂ මහතා ඉදිරි පළාත් සභා මැතිවරණයට තරඟ කරනු ඇති බවට මාධ්‍ය වාර්තා පලවෙයි.
සහල් මිල පාලනයකින් තොරව ක්‍රියාත්මක වන බව තේරුම් ගියහොත් මිල පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා. ජනතාවට අවශ්‍ය හොඳම දේ ලබාදීම ආණ්ඩුවේ වගකීමක් බවත්, ඒ පිළිබඳව ජනතාව සැකයක් තබාගත යුතු නැති බවත් මන්ත්‍රීවරයා පවසනවා.
වත්මන් රජය බිහිකිරීම සඳහා ජනවරම ලබාගැනීමේදී ජනතාවට දුන් පොරොන්දුව ප්‍රකාරව තමන් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාත්මක කරන බවත් ඊට එකඟ අය ආණ්ඩුව සමග දිගටම සිටිනු ඇති අතර ඊට එරෙහි යමෙක් සිටී නම් ඔවුන් ආණ්ඩුවෙන් ඉවත්ව යනු ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.
ඛණිජ තෙල් සංස්ථාව කොටස් 05කට බෙදා පෞද්ගලීකරණය කිරීමේ සූදානමක් ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හශීම් පවසනවා.
සහල් මිල සම්බන්ධයෙන් උද්ගතවී ඇති ප්‍රශ්නයට වගකිව යුතු වන්නේ එක්සත් ජාතික පක්ෂය බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි.
දේශපාලනික වශයෙන් විවිධ මත තිබුණද, සමගි ජනබලවේගය තුළ බෙදිමක් නොමැති බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා. සමගි ජනබලවේගය නියෝජනය කරන දේශපාලන කණ්ඩායම් වල යම් බෙදීමක් පවතින බවට ඉකුත් දා මාධ්‍ය වාර්තා පළ වුණා.
දැඩි කතාබහකට ලක්වූ සුදු ළුෑණු වංචාවට තමාගේ නමද ඈදා ගනිමින් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
Page 242 of 552