Monday, February 09, 2026
Follow Us
බඩු මිල තීරණය කරන්නේ අපි නෙවෙයි. අඩුකරන හැටි කවුරුහරි පුළුවන් නම් අපට කියන්න - රෝහිත

භාණ්ඩ මිල තීරණය කරන්නේ තමන් විසින් නොව ජාත්‍යන්තරය විසින් බැවින් ජාත්‍යන්තරයේ භාණ්ඩ මිල වැඩිවෙද්දී දේශීයව එම භාණ්ඩ මිල අඩුවෙන් පවත්වා ගන්නා ආකාරය දන්නා කිසියම් ආර්ථික ඔස්තාර්වරයෙකු සිටී නම් එය තමන්ටත් කියාදෙන ලෙස වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ඉල්ලා සිටී.

"ගෑස් මිල ගත්තොත් අපේ රටෙන් නෙවෙයි ගෑස් මිල තීන්දු වෙන්නෙ. තෙල් මිල ගත්තොත් අපේ රටෙන් නෙවෙයි ඒකෙ මිල තීන්දු වෙන්නෙ. කිරිපිටි ගත්තොත් අපේ රටෙන් නෙවෙයි ඒකෙ මිල තීන්දු වෙන්නෙ. සිමෙන්ති ගත්තත් ඒකෙ වැඩි බහුතරයක් තීන්දු වෙන්නෙ ජාත්‍යන්තරය තුළ.

එතකොට ඒ නිසා ජාත්‍යන්තරයේ මිල ඉහළ යනකොට අපට සිද්ධ වෙනවා මේ භාණ්ඩවල මිල ඉහළ යෑමක් වෙන්න. ඒක තමයි යතාර්ථය. කවුරුහරි මේ ආර්ථික ඔස්තාර් මහත්තයෙකුට කියලා දෙන්න කියන්න ජාත්‍යන්තරයේ මිල වැඩිවෙන භාණ්ඩවල ලංකාවෙ මිල අඩු කරන ක්‍රමේ"

(LNW)