Monday, February 09, 2026
Follow Us
මහින්දානන්දට එරෙහිව විශ්වාසභංගයක්

පොහොර ගැටළුව විසදීමට තවදුරටත් කටයුතු නොකරන්නේ නම් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමට එරෙහිව විශ්වාසංභංග යෝජනාවක් ගෙන එන බව සමගි ජන බලවේගය පවසනවා.

එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියා.

ලබන සතියේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වී සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවද මන්ත්‍රීවරයා එහිදී කියා සිටියා.

(Neth)