Monday, February 09, 2026
Follow Us
මෛත්‍රීත් කඩිනමින් පළාත් සභා මැතිවරණය ඉල්ලයි

පළාත් සභා මැතිවරණ කඩිනමින් පවත්වන ලෙසට රජයෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කළා. භාණ්ඩ මිල ඉහළ යාම සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා.

කෙසේවෙතත් පළාත් සභා මැතිවරණය ලබන වසරේ මුල් කාලය තුළ පවත්වන බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ පැවසූ බව දෙමළ ප්‍රගතිශීලි පක්‍ෂ නායක මනෝ ගනේෂන් ඉකුත්දා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා.

(Neth)