මෙරටට සහල් ආනයනය කර ඇත්තේ සත්ව පරිභෝජනයට නොව මිනිස් පරිභෝජනයට පමණක් බව වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ඉකුත්දා ප්‍රකාශ කළේ මෙරටට ආනයනය කර ඇති සහල් තොග වඩාත් සුදුසු වන්නේ සත්ත්ව පරිභෝජනය සදහා බවයි.
කෘෂිකර්ම අමාත්‍යවරයා සිදුකළ එම ප්‍රකාශය සම්බන්ධයෙන් වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු අදහස් පළ කළා. එහිදී ඔහු සදහන් කළේ ආනයනික සහල් තොග මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට කෘෂිකර්ම අමාත්‍යවරයා සදහන් කරන්නේ කුමන පදනමකින් දැයි තමන්ට ගැටළුවක් පවතින බවයි.
මේ වන විටත් මෙරට ජනතාව පරිභෝජනය කර අවසන් කර ඇති ආනයනික සහල් සම්බන්ධයෙන් කළ මෙම ප්‍රකාශය දැඩි කතාබහක් මතුව තිබෙනවා. ඒ, මෙරට දරුවන් ද මෙම සහල් මේ වන විටත් පරිභෝජනය කර ඇති පසුබිමකයි. එබැවින් මෙම සහල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පරීක්ෂණයක් සිදුකර ඇත්දැයි වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දුගෙන් නෙත් නිවුස් සෘජුව ප්‍රශ්ණ කළා.
මෙරටට ආනයනය කර ඇති සහල් තොග වඩාත් සුදුසු වන්නේ සත්ත්ව පරිභෝජනය සදහා වන බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ඉකුත්දා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ගොවි සංවිධාන ද දැඩි ලෙස අදහස් පළ කර තිබෙනවා.
ඔවුන් ප්‍රශ්ණ කරන්නේ ආනයනික සහල් ජනතාව පරිභෝජනය කළ පසු මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීමෙන් කිසිදු පළක් නොවන බවයි. ආනයනික සහල් මිනිස් පරිභෝජනයට නුසුදුසු නම්, එවැනි සහල් මෙරටට ආනයනය කළ පිරිසට එරෙහිව පියවර ගත යුතු බවයි ගොවි සංවිධාන අවධාරණය කරන්නේ.
Neth