ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව දැන් පක්ෂය විවේචනය කරන පුද්ගලයන් සම්බන්ධයෙන් ජනතාව සුදුසු වේලාවේදී උත්තර ලබාදෙනු ඇති බව පොදුජන පෙරමුණේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා.
ක්‍රීඩා ක්ෂේත්‍රය උන්නතිය සඳහා හිටපු ක්‍රීඩා ඇමතිවරුන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා වත්මන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් කැඳවා තිබිණි.
2015 ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතව සිටියදී රත්නපුර කහවත්ත ප්‍රදේශයේදී එජාප පාක්ෂිකයෙකු වෙඩිතබා ඝාතනය කළ අතර ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ අද රාජ්‍ය ඇමතිවරයෙකු ලෙස කටයුතු කරන චොකා මල්ලි නොහොත් ප්‍රේමලාල් ජයසේකර මහතාටයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගේ ඡන්දදායකයන්ට ඉතා හොඳින් කළගුණ සලකන බව පොදුජන පෙරමුණේ ඩලස් පාර්ශ්වයේ සාමාජික ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා ප්‍රකාශ කරනවා.
පාර්ලිමේන්තුවේ ස්ථාපිත කිරීමට යෝජිත “ජාතික සභාව” නැමති පාර්ලිමේන්තු කාරක සභාව පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙනවා.
තමන් එදා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් සෘජුව තීරණ ගනිද්දී බොහෝදෙනා තමාට විවේචන එල්ල කළ බව හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. තරග පරදිද්දී අලුත් නායකයෙකු නම් කරන විට, අලුත් ක්‍රීඩකයන් කණ්ඩායමට රැගෙන එනවිට, ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය පිළිබඳව දැඩි තීරණ ගන්නා විට තමන්ට චෝදනා, විවේචන රැසක් එල්ල වූ බවත්, කෙසේ නමුත් ඒ සියල්ල විඳදරා ගනිමින් නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටි බවද ඔහු පවසයි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ පදිංචිව සිටි කොළඹ, පැජට් පාරේ පිහිටි නිවස විශ්‍රාම යාමෙන් පසුවත් ඔහු වෙත ලබාදීමට ගෙන තිබූ අමාත්‍ය මණ්ඩල තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින නියමයක් නොමැතිව කල් තැබුවා.
එකවර ක්‍රීඩා දෙකකින්ම ආසියාවේ ශූරයන් බවට පත්වීමට හැකිවූයේ නාමල් රාජපක්ෂ මහතා ක්‍රීඩා ඇමතිවරයා ලෙස මෙරට ක්‍රීඩාවට සිදුකළ මෙහෙවර නිසා බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පවසනවා.
ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථක ගැටළු විසදා ගැනිම සදහා අමෙරිකාවේ සහයෝගය ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සදහන් කළේ එලෙස යම් මුදල් ආධාරයක් ලැබුණත් ඒවා අවභාවිතාවීමේ විශාල ඉඩකඩක් පවතින බවට අමෙරිකාව ද ප්‍රකාශ කර ඇති බවයි.
පිළියන්දල, මඩපාත සංකල්ප විහාරස්ථානයේ ඉදිකෙරෙන සංඝාවාසය සඳහා මුල්‍ය පරිත්‍යාගයක් සිදුකිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහි විහාරාධිපති පූජ්‍ය උග්ගොඩ ධම්මින්ද හිමිපාණන් වහන්සේ ඊයේ (13) බැහැදුටුවා.
මෙරටට සහල් ආනයනය කර ඇත්තේ සත්ව පරිභෝජනයට නොව මිනිස් පරිභෝජනයට පමණක් බව වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ඉකුත්දා ප්‍රකාශ කළේ මෙරටට ආනයනය කර ඇති සහල් තොග වඩාත් සුදුසු වන්නේ සත්ත්ව පරිභෝජනය සදහා බවයි.
සැප්තැම්බර් 26 වනදා අනිවාර්යයෙන්ම වෛද්‍ය වාර්තාවකුත් රැගෙන අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස උත්තර ලංකා සභාගයේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට කොළඹ මහාධිකරණය ඊයේ (13) නොතීසි නිකුත් කළේය.
ජාත්‍යන්තර සංවිධානවලින් එල්ල වන බලපෑම් පරාජය කිරීමට නම් සියලු ශ්‍රී ලාංකිකයන් එකට එක්විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. එනිසා සියලු දේශපාලන වාදබේද ඉවත දමා සියලු දේශපාලන පක්ෂ ජනාධිපතිවරයාට සහාය ලබාදිය යුතු බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.
ආණ්ඩුවට සම්බන්ධවී අමාත්‍ය ධූර හෝ තනතුරු ලබානොගනු ඇතැයි ස්ථිරවම ප්‍රකාශ කළ හැක්කේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් පස් දෙනෙකු පිළිබඳ පමණක් බව පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා. ඒ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ රාත්‍රියේ සහභාගී වෙමින්.
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගොනුකර තිබෙන පෙත්සම් දෙකක වගඋත්තරකරු ලෙස නම් කර සිටින රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා සිතාසි නිකුත් කරන්නේ ද? නැද්ද? යන නියෝගය ලබන 29 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නියෝග කළා.
Page 113 of 551