අධි ආරක්ෂක කලාප පිහිටුවීමට රජය ගෙන ඇති තීරණයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කළ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් පවසනවා.
අරගලයේ දෙවන නැගිටීම සිදුවන්නේ ජාතික ජන බලවේගයේ නායකත්වය සහ මෙහෙයවීම මත බව පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.
රුසියානු ජනතාවගෙන් එල්ල වන දැඩි විරෝධය නොතකා රුසියානු හමුදා ශක්තිය ඉහළ දැමීමට හා යුක්රේනය වෙත අතිරේක හමුදා යැවීමට රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් තීරණය කර තිබෙනවා.
මැතිවරණයක් පැවැත්වෙන තුරු මිල සූත්‍රය අනුව ඉන්ධන මිල අඩුවීමක් බලාපොරොත්තු විය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
පාර්ලිමේන්තුවෙන් ලබාදෙන ආහාර සඳහා අය කරන මිල ගණන් ඉහළ දමා තිබෙනවා. පාර්ලිමේන්තු ගෘහ්‍ය කාරක සභාවේ එකඟතාවයකට අනුව මෙම මිල සංශෝධනය සිදුකර ඇත.
ජනාධිපතිවරයා වෙනස් නොවුණද මේ මොහොත වන විට මැතිවරණයක් රටට අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
විද්‍යුත් මාධ්‍ය සදහා ගෙන ඒමට නියමිත විකාශන අධිකාරි පනත හරහා වක්‍ර ලෙස මාධ්‍ය පාලනය කිරීමට රජය උත්සහ දරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හෝ ඇමති ධුර වෙන්දේසි කර අටවාගෙන ඇති ආණ්ඩුවට හෝ කිසිදු ජනමතයක් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසනවා. අවම වශයෙන් නගර සභා, ප්‍රාදේශීය සභාවලට හෝ ජනබලයක් නොමැති බව මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.
මීට මාස 5කට පෙර පැවති තත්ත්වයට වඩා මෙරට ආර්ථික තත්ත්වය මේ වනවිට භයානක තත්ත්වයක පවතින බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. එම පක්‍ෂයේ අකුරැස්ස ආසන සභාව අමතමින් ඔහු කියාසිටියේ පසුගිය මාස 5 ක කාලය තුළ රජය විසින් ගෙවිය යුතු ණය ඩොලර් මිලියන 2,490 ක ණය ගෙවීම් පැහැර හැර ඇති බවයි.
ඉදිරියේදී නැවතත් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රජයක් බිහිකිරීමට බලාපොරොත්තු වන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
අරගලය ක්‍රියාත්මක වූ ස්ථාන ඉලක්ක කරගනිමින් අධි ආරක්ෂක කලාප නම් කර ඇති බව සමගි ජන බලවේගය පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මේ බව කියා සිටියා.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හා ජාතික ආගමික සංහිඳියාව සඳහා වන එකමුතු වේ සභාපති කරු ජයසූරිය මහතා විසින් පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත දී පවත්වන ලද “ජාතික ආගමික සංහිඳියාව ඇති කිරීම සහ යහපත් රටක් උදෙසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්” සම්මන්ත්‍රණයේදී පළකරන ලද අදහස් (2022.09.24)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ රාජපක්ෂ ආණ්ඩුව විසින් ගෙනයන මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මර්දනකාරී ක්‍රියාපිළිවෙත වහාම නතර කළයුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.
වමේ දේශපාලන පක්ෂ ඒකරාශී කරගත් සන්ධානයක් ගොඩනගා ජනතාවාදී ආණ්ඩුවක් නිර්මාණය කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලාපොරොත්තුව බව එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
අපනයනය සඳහා කංසා වගාව නීතිගත කිරීමේ යෝජනාව, මීට කලකට පෙරම දේශපාලන කරළියට ගෙන ආවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විසිනි. මේ වනවිට තවත් බොහෝ දෙනෙකු ඒ සම්බන්ධයෙන් කතාබහ කරනු දක්නට ලැබේ.
මෙරට ජනතාවට ආහාර අර්බුදයක් මතුවී ඇත්නම් එම අවාසනාවන්ත තත්වය උදාකරගෙන ඇත්තේ ද මෙරට ජනතාව විසින්ම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පවසයි.
Page 113 of 556