Monday, March 30, 2026
Follow Us
22 වැනි සංශෝධනය ගැන විවාදයට දින වෙන් කරයි

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳ විවාදය සඳහා දින වෙන්කර තිබෙනවා. අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව ඔක්තෝබර් මස 06 සහ 07 දිනවලදී 22 ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙනු ඇත.

ලබන සඳුදා සිට සිකුරාදා දක්වා පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන අතර සඳුදා සම්පූර්ණ දිනයම වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන් යොමු කරන ප්‍රශ්න සඳහා වෙන්කර තිබෙනවා.

LNW