Saturday, January 31, 2026
Follow Us
රටම කතා කළ ත්‍රිපෝෂ ගැන විශේෂ වාර්තාවක් සෞඛ්‍ය ඇමතිට

ගැබිණි මව්වරුන්ට හා ළඳරුවන්ට ලබාදෙන ත්‍රිපෝෂ තුළ පිළිකාකාරක ඇෆ්ලටොක්සින් අඩංගු බවට කළ ප්‍රචාරයන් සම්බන්ධයෙන් සිදුකළ අවසන් පරීක්ෂණ වාර්තා ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ පිළිකාකාරක අඩංගු ත්‍රිපෝෂ බෙදාහැරි බවට පළවූ වාර්තා සත්‍යයෙන් තොර බවයි.

ත්‍රිපෝෂ සම්බන්ධයෙන් එක්වරම මෙවන් තත්ත්වයක් මතු වුණේ ඇයි ?

පිළිකාකාරකයක් වන ඇෆ්ලටොක්සින් නියමිත ප්‍රමාණයට වඩා ත්‍රිපෝෂ තුළ අඩංගුව ඇති බවටත්, ඒවා ගැබිණි මව්වරුන්ට බෙදා හැර ඇති බවටත් ඉකුත්දා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් චෝදනා කළා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විශේෂ පරීක්ෂණයක් ද ආරම්භ කළා.

Neth