Thursday, January 29, 2026
Follow Us
මැතිවරණ කොමිසම පොරොන්දු ඉටු කරනු ඇතැයි පැෆරල් අපේක්ෂාවෙන්

මැතිවරණ කොමිසම මීට පෙර ප්‍රකාශ කළ පරිදි මෙම සතියේ දී පළාත් පාලන ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කරනු ඇතැයි විශ්වාස කරන බව පැෆරල් සංවිධානය පවසනවා.

ඒ අනුව පළාත් පාලන ඡන්ද විමසීමේ නිරීක්ෂණ කටයුතු සඳහා සිය සංවිධානය මූලික කටයුතු සිදු කරමින් පවතින බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ.

පවතින ඉහළ උද්ධමනය හේතුවෙන් මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා වැය වන මුදල තුන් ගුණයකින් පමණ ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ද පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Neth