Friday, March 27, 2026
Follow Us
ශ්‍රී.ල.නි.ප.ට වැඩබලන මහලේකම්වරයෙක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් එම පක්ෂය සඳහා වැඩබලන මහලේකම්වරයෙකු පත්කර තිබෙන බව වාර්තා වෙයි.

මෙලෙස වැඩබලන මහ ලේකම් ධුරය සඳහා පත්කර ඇත්තේ හිටපු මධ්‍යම පළාත් මහලේකම්වරුයෙකු වූ එම පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් සරත් ඒකනායකය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන විසින් සරත් ඒකනායක එම පක්ෂයේ වැඩබලන මහ ලේකම් ධුරය සඳහා මෙලෙස පත්කර ඇත.

පක්ෂයේ මහලේකම් ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විදේශගතවීම හේතුවෙන් එම පත්කිරීම සිදුකර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.