පසු ගිය පෙබරවාරි මස 04 වැනිදා ශ්‍රි ලංකාවට පැමිණි තායිලන්ත අග්‍රාමාත්‍යතුමා සහ මෙරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඇති කරගත් වෙළද ගිවිසුම අනුව තායිලන්තයේ විවිධ අංශවල ව්‍යාපාරකයින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රඡාව හමුවී ඔවුන්ගේ ආයෝජන මෙරට යෙදෙවීම ගැන සාකච්ඡා පවත්වමින් සිටී.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක ද්විපාර්ශ්වික ආර්ථික ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් ඉන්දීය විදේශ ලේකම් විනායි ක්වත්‍රා (Vinay Kwatra) මහතාගේ ආරාධනය අනුව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ඇතුළු ඉහළ පෙළේ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමකගේ සහභාගිත්වයෙන් පසුගිය 28දා නවදිල්ලි නුවරදී පැවැත්විණි.
චීන ජනාධිපති ෂී ජින්පින් මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් ඊයේ (27) බෙයිජිං හි ග්‍රේට් හෝල්හි දී පැවැත්විණි.
ආදායම සාධාරණ ලෙස බෙදීයන දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ආසියානු රටවලින් ඉල්ලා සිටියේ ය.
චීනය හා ශ්‍රී ලංකාව අතර නව ගිවිසුම් 9ක් අත්සන් තැබීම ඊයේ (26) චීන අග්‍රාමාත්‍ය ලී ක්වැන්ග් (Li Qiang) මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
සිය මෙහෙයුම් යළි ආරම්භ කරමින් තායි එයාර්වේස් පළමු ගුවන් යානය අද පෙරවරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා විය.
අප්‍රේල් 8 වැනිදා පූර්ණ සූර්ය ග්‍රහණයක් සිදුවීමට නියමිතව ඇති බව වාර්තා වෙයි . මෙම සූර්ය ග්‍රහණය හොඳින්ම දකින්න ලැබෙන්නේ උතුරු ඇමෙරිකාවට පමණක් බව ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි.
අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම සම්බන්ධයෙන් ජපන් තානාපති මිසුකොෂි හිදෙඅකි මහතා සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් ඊයේ අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණ.
ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කළ, පෙබරවාරි මස 26 වැනි දිනට යෙදෙන බංග්ලාදේශයේ 53 වැනි ජාතික දින සමරු උත්සවය ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.
ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පාස්කු ඉරිදාව වෙනුවෙන් ලොව පුරා කිතුනු බැතිමතුන් විවිධ ආගමික වැඩසටහන්වලට එක්ව සිටි අතර ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් වතිකානයේ ප්‍රධාන දේව මෙහෙය පැවැත්වුණි.
සුප්‍රසිද්ධ ටයිටැනික් චිත්‍රපටයට අනුව රෝස්ගේ දිවි ගලවා ගැනීමට උපකාර වූ පාවුණු ලී කැබැල්ල වෙන්දේසියේදී අමෙරිකානු ඩොලර් 718,750කට අලෙවි වී තිබේ.
යැංසි ගංගාවේ දස වසරක මත්ස්‍ය තහනමක් ක්‍රියාවට නැංවීමට අදාළ ව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරේ. මෙය යැංසි ගංගා ආර්ථික තීරයේ උසස් ගුණාත්මක සංවර්ධනය සහතික කිරීමේ ප්‍රධාන පියවරක් බව චීන රාජ්‍ය මණ්ඩල ප්‍රධාන කාර්යාලය කියයි.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (29) චීනයේ ෂැංහායි නගරයේදී ෂැංහායි නගරාධිපති ගොන්ග් සෙන්ග් (Gong Seng) මහතා සමග දීර්ඝ සාකච්ඡාවක නිරත විය.
කැනඩාවේ ටොරොන්ටෝ සහ ඔන්ටාරියෝ යන නගර කේන්ද්‍ර කරගෙන පිහිටා ඇති ශ්‍රී ලාංකික ව්‍යවසායකයෙකු සහ ආයෝජකයෙකු ද වන ස්ටැන් මුතුලිංගම් මහතාගේ CSI සමාගමේ නිරීක්ෂණ චාරිකාවකට ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා එක් විය.
බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ ඔටුන්න හිමි විලියම් කුමරුගේ බිරිය වන වේල්සයේ කුමරිය, කේට් පිළිකා රෝගයට ගොදුරු වී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඇය විසින්ම පසුගියදා වීඩියෝ පටයක් නිකුත් කරමින් මේ බව නිවේදනය කර ඇති අතර, මේ වන විට කීමෝ තෙරපි ප්‍රතිකාර ගනිමින් සිටින බව ද ප්‍රකාශ කර තිබේ.
Page 44 of 380