Monday, February 09, 2026
Follow Us
නවසීලන්ත මහ කොමසාරිස්වරයා සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින් මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් මුදල් අමාත්‍යාංශයේ දී සිදු විය.

මෙහි දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ගෝලීය හවුල්කරුවන්ගේ සහයෝගයට ස්තූතිය පළ කළ රාජ්‍ය අමාත්‍යවරයා කෙටි කාල රාමුවක් තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය අත්කර ගෙන ඇති සැලකිය යුතු ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කර තිබේ.

විවිධ අංශ හරහා ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට නවසීලන්තයේ කැපවීම ද මෙහි දී රාජ්‍ය අමාත්‍යවරයා අගය කර ඇත.