Monday, February 09, 2026
Follow Us
බ්‍රිතාන්‍ය කවුන්සිලය ශ්‍රී ලංකාවේ විදේශ අධ්‍යාපන අවස්ථා සම්බන්ධ විශේෂ පර්යේෂණ වාර්තාවක් එළිදක්වයි
ශ්රී ලංකාවේ වර්තමාන හා අනාගත විදේශ අධ්යාපන අවස්ථා සම්බන්ධයෙන් වැදගත් කරුණු රාශියක් අනාවරණය කරන විශේෂ පර්යේෂණ වාර්තාවක් බ්රිතාන්ය කවුන්සිලය විසින් එළිදක්වීය.

එසේම ශ්රී ලංකාවේ විදේශ අධ්යාපන අවස්ථාවන්ට අදාළ කරුණු සම්බන්ධයෙන් මෙරට ශිෂ්ය ශිෂ්යාවන්ට සහ අධ්යාපන ආයතනවලට මුහුණ දීමට සිදුවන අභියෝග පිළිබඳව ද මෙම වාර්තාව තුළ විශේෂ අවධානයක් යොමුකර තිබේ.

 
මෙම අවස්ථාවට ශ්රී ලංකාවේ බ්රිතාන්ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්රික්, විශ්වවිද්යාල ප්රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, ශ්රී ලංකාවේ බ්රිතාන්ය කවුන්සිලයේ අධ්යක්ෂ ඕර්ලන්ඩෝ එඩ්වර්ඩ්ස් යන මහත්වරුන්, අධ්යාපන අමාත්යංශයේ නිලධාරීන්, අධ්යාපන ප්රතිපත්ති සම්පාදකයන් සහ රාජ්ය හා පෞද්ගලික විශ්වවිද්යාලවල නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.