Monday, February 09, 2026
Follow Us
අධ්‍යාපන ඇමැති ගෝලීය සුහුරු අධ්‍යාපන සමුළුවට සහභාගී වෙයි

චීනයේ බීජිං නෝමල් විශ්වවිද්‍යාලය (Beijing Normal University - BNU) හා අධ්‍යාපනික තොරතුරු තාක්ෂණය සඳහා වන යුනෙස්කෝ ආයතනය (UNESCO IITE)  එක් ව සංවිධානය කරන ලද ගෝලීය සුහුරු අධ්‍යාපන සමුළුව - 2024 (Global Smart Education Conference)  සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහභාගී විය.

එහි ඩිජිටල් අධ්‍යාපන පරිවර්තනය පිළිබඳ ප්‍රධාන දේශනය අධ්‍යාපන අමාත්‍යවරයා පැවැත් වූ අතර චීනයේ බීජිං නෝමල් විශ්වවිද්‍යාලයේ දී එම සමුළුව පැවැත්වුණි.