Ansell Limited හි කළමනාකාර අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරිනී නතාලි හල්ස්ට්රෝම් මහත්මිය ඇතුළු දූත පිරිස නොවැම්බර් 18 වන දින පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමු විය.
ශ්‍රී ලංකාව තුළ සමාගමේ මෙහෙයුම් කටයුතු, රැකියා අවස්ථා සහ මෙරට ආයෝජන පරිසරය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
ශ්‍රී ලංකාව තුළ Ansell සමාගම දිගුකාලයක් පුරා පවත්වාගෙන යන මෙහෙයුම් කටයුතු සහ මෙරට නිෂ්පාදන ක්ෂේත්රයට ලබා දෙන දායකත්වය මෙහිදී පැසසුමට ලක් කළ අග්‍රාමාත්‍යතුමිය, සියලු දෙනා ඇතුළත් කරගත් ආර්ථික සංවර්ධනයක් ප්‍රවර්ධනය කිරීම සඳහා රජයේ කැපවීම ද අවධාරණය කළාය.
රටේ ආර්ථික වර්ධනය සඳහා පෞද්ගලික අංශයේ සහභාගීත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම පෙන්වා දුන් අග්‍රාමාත්‍යතුමිය, කාන්තාවන් සහ ආබාධ සහිත පුද්ගලයන් සඳහා රැකියා අවස්ථා පුළුල් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කළාය.
ආර්ථික කටයුතු සඳහා ඔවුන්ගේ සහභාගීත්වය ඉහළ නැංවීම වෙනුවෙන් සුදුසු සේවා ස්ථාන පහසුකම් සහ සියලු දෙනා ඇතුළත් කරගත් රැකියා අවස්ථා හඳුන්වා දීමට පෞද්ගලික අංශය කටයුතු කළ යුතු බව ද අග්‍රාමාත්‍යතුමිය පෙන්වා දුන්නාය.
දැනට ක්‍රියාත්මක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය, ප්‍රතිසංස්කරණවල අරමුණ වන්නේ සිසුන්ගේ ප්‍රායෝගික දැනුම, රැකියා නියුක්තියට අදාළ කුසලතා සංවර්ධනය කරමින් දක්ෂ හා අනාගත රැකියා ලෝකය සඳහා සූදානම් ශ්‍රම බලකායක් බිහිකිරීම බව පෙන්වා දුන්නාය.
අනතුරුව මානව සම්පතෙහි වැදගත්කම අවධාරණය කළ ප්‍රධාන විධායක නිලධාරිනි නතාලි හල්ස්ට්රෝම් මහත්මිය, අධ්‍යයන කාර්යසාධනයක් සහ කුසලතා සහිත දක්ෂ විශ්වවිද්‍යාල උපාධිධාරීන් බඳවා ගැනීමට Ansell සමාගම සූදානම් බව ප්‍රකාශ කළාය.
වෘත්තීය ජීවිතයේ දියුණුව අත් කර ගැනීම සඳහා කැපවීම මෙන්ම උනන්දුව ද අත්‍යවශ්‍ය ගුණාංග බව පෙන්වා දුන් ansell Limited හි විධායක නිලධාරීතුමිය, පෞද්ගලික අංශයේ මෙහෙයුම් කටයුතුවලට සහාය වීම, කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ ආයෝජන පරිසරය ශක්තිමත් කිරීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය සහ අවශ්‍ය පහසුකම් සැලසීම කෙරෙහි රජයේ අවධානය යොමු කිරීමේ වැදගත්කම ද මෙහිදී පෙන්වා දුන්නාය.
මෙම අවස්ථාවට ලංකා Ansell ආයතනය නියෝජිතයින්, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය ද සහභාගී වූහ.