Monday, February 09, 2026
Follow Us
තායිලන්තයට නව අගමැතිවරියක්

තායිලන්ත අගමැති ශ්‍රේත්තා තවීසින් ධුරයෙන් ඉවත් කිරීමත් සමග හිස්වු ධුරය සඳහා පියු තායි පක්ෂ නායිකා පේටොන්ටාන් ෂිනවත්‍රා පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන් තේරී පත්වී තිබේ.

හිටපු තායිලන්ත අගමැති තක්ෂින් ෂිනවත්ගේ දියණිය වන ඇය වාර්තා අතරට එක්වන්නේ එරට අගමැති ධුරයට පත් ලාබාලතම කෙනා ලෙසය.

එමෙන්ම ඇය ගෙවුණු දශක දෙකක කාලය තුළ දී ෂිනවත් පරම්පරාවෙන් තායිලන්ත අගමැති ධුරයට පත් සිව්වන දේශපාලනඥයා වීමත් විශේෂත්වයකි.

Aruna