මෙරට කරවල නිෂ්පාදනයේ ගුණාත්මකභාවය ඉහළ නංවා ජාත්යන්තර වෙළෙඳපොළට සරිලන පරිදි සකස් කිරීමේ අරමුණින් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්යාංශය, පසුගිය අගෝස්තු 7 වන දින අමාත්යාංශ ශ්රවණාගාරයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
"පුනරුදයට අරුණලු" අතරමැදි කන්නයේ මුං වගා කිරීමේ ප්රවර්ධන ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය බදගිරිය කෑලියවැලානේදී කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්ය කේ.ඩී.ලාල් කාන්ත මහතාගේ සහභාගිත්වයෙන් ආරම්භ කෙරිණි.
මෙරට කරවල නිෂ්පාදනයේ ගුණාත්මකභාවය ඉහළ නංවා ජාත්යන්තර වෙළෙඳපොළට සරිලන පරිදි සකස් කිරීමේ අරමුණින් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්යාංශය, පසුගිය අගෝස්තු 7 වන දින අමාත්යාංශ ශ්රවණාගාරයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
වසරේ පළමු මාස 6 තුළ ශ්රී ලංකා රේගුව රුපියල් බිලියන 1,227ක වාර්තාගත අදායමක් උපයා තිබෙන බව වාර්තා වෙයි.
ශ්රී ලංකාවේ විදේශ ණය ප්රතිව්යුහගත කිරීම සඳහා නිල ණය හිමි කමිටුව සමඟ 2024 ජුනි 26 දින අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමට (MoU) අනුව, ප්රංශ රජය හා ශ්රී ලංකා රජය අතර ණය ප්රතිව්යුහගත කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුම පසුගියදා (16) අත්සන් කෙරිණි.
කුරුදු සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගාල්ල දිස්ත්රික් කාර්යාලය මගින් දිස්ත්රික්කයේ කුරුදු නිෂ්පාදනවල ගුණාත්මක බව සහ අස්වැන්න වැඩි කිරීම සඳහා වැඩසටහන් රැසක් ආරම්භ කර ඇත.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සූත්රයට අනුකූලව මාසිකව සිදු කරනු ලබන සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනයට අදාළව, අගෝස්තු මස ඉන්ධන මිල ගණන්වල වෙනසක් සිදු නොවන බව එම සංස්ථාව නිවේදනය කර තිබේ.
අමෙරිකානු එක්සත් ජනපදය විසින් ඉන්දියාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකළ අන්යෝන්ය තීරුබදු අනුපාතයට අතිරේකව තවත් 25%ක් අයකිරීමට අද (6) තීරණය කර ඇති බව වාර්තා වෙයි.
අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අන්යෝන්ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා අඩුකර තිබෙන බව මුදල් හා ක්රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය.
ජූලි මාසයේ දී පමණක් සංචාරකයින් 200,244 දෙනෙකු දිවයිනට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.
මුදල් ප්රතිපත්ති මණ්ඩලය ඊයේ පැවති සිය රැස්වීමේ දී එක්දින ප්රතිපත්ති පොලී අනුපාතිකය 7.75%ක් ලෙස නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කළේය. දේශීය සහ ගෝලීය ආර්ථික ප්රවණතා පිළිබඳ ව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි. දැනට පවතින මුදල් ප්රතිපත්ති ස්ථාවරය, 5%ක උද්ධමන ඉලක්කය කරා ළඟාවීම සහතික කරමින් දේශීය ආර්ථික වර්ධනය සඳහා සහාය වනු ඇතැයි මුදල් ප්රතිපත්ති මණ්ඩලය විශ්වාස කරයි.
Page 21 of 281