ජූලි මාසයේ දී පමණක් සංචාරකයින් 200,244 දෙනෙකු දිවයිනට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.
එය පසුගිය වසරට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයකි.
ඒ අනුව 2025 වසරේ පළමු මාස 7 අවසන් වන විට දිවයිනට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 1,368,388 ක් ලෙස වාර්තා වේ.
මෙම වසරේ ආසියාතික, මැදපෙරදිග සහ යුරෝපීය රටවලින් පැමිණි සංචාරකයන්ගේ සැලකිය යුතු වර්ධනයක් අදාළ වාර්තාවෙන් පෙන්නුම් කරයි.