Saturday, July 26, 2025
Follow Us
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායම සිය ශ්‍රී ලංකා සංචාරය නිමා කරයි
ශ්රී ලංකා බලධාරීන් විසින් ක්රියාත්මක කරන ලද ආර්ථික ප්රතිසංස්කරණ, ආර්ථික වර්ධනය අපේක්ෂිත මට්ටම අභිබවා යෑම, උද්ධමනය එහි ඉලක්කය කරා ළඟා වීම, විදේශ සංචිත ගොඩනැගීම සහ රාජ්ය මූල්ය ආදායම් වැඩි දියුණු වීමත් සමඟ ඵල දරමින් තිබේ.

වෙළඳ ප්රතිපත්ති අවිනිශ්චිතතාව සහ භූ දේශපාලනික ආතති මධ්යයේ සාර්ව ආර්ථික ස්ථායිතාව ආරක්ෂා කිරීම, ආර්ථිකය යථා තත්ත්වයට පත් වීම තහවුරු කිරීම, සහ ශ්රී ලංකාවේ කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම සඳහා මෙම ප්රතිසංස්කරණ වැඩසටහන පවත්වාගෙන යෑම ඉතා වැදගත් වේ.

ජා.මූ. අරමුදලෙන් සහාය ලැබෙන වැඩසටහන යටතේ ඇති ප්රධාන වගකීම් සපුරාලීමේ ප්රගතිය විස්තීර්ණ ණය පහසුකමෙහි පස්වන සමාලෝචනයේ දී විධිමත් ලෙස තක්සේරු කෙරෙනු ඇත.