"පුනරුදයට අරුණලු" අතරමැදි කන්නයේ මුං වගා කිරීමේ ප්‍රවර්ධන ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය බදගිරිය කෑලියවැලානේදී කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත මහතාගේ සහභාගිත්වයෙන් ආරම්භ කෙරිණි.
වී වගා කරන කන්න දෙක අතර මුං වගා කිරීම තුළින් ගොවි ජනතාවට මෙය ඉතා ලාභදායී වගා ක්‍රමයක් වන අතර කුඹුරේ අමතර තෙතමනය හා ඉතිරි වන පොහොර ප්‍රයෝජනයට ගෙන වගාව කටයුතු සිදු කළ හැකි වේ.
මුං රනිල බෝගයක් නිසාම බෝග අවශේෂ තුළින් පසේ කාබනික හා නයිට්‍රජන් ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වේ.එම නිසාම ඊළග වී වගා කන්නයේ අස්වැන්න ද වැඩි වේ. බීජ සිටුවා දින 55-60 ත් අතර කාලයේදී අස්වැන්න නෙලා ගත හැකි වන අතර මෙය ගොවි ජනතාවට ඉතා ලාභදායි වැඩසටහනක් වේ.
අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙම වැඩසටහන දීපව්‍යාප්තව සිදු කරන බවයි.
මෙම අවස්ථාව සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යෂ ඩබ්.ඒ.ආර්.ටී.වික්‍රමාආරච්චි මහතා ඇතුලු දෙපාර්තමේන්තු නිලධාරීන් මෙන්ම ප්‍රදේශයේ ගොවි ජනතාව විශාල පිරිසක් සහභාගී විය.