වෙළෙඳ, වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ මහතා සහ සමුපකාර සංවර්ධන නියෝජ්ය අමාත්ය උපාලි සමරසිංහ මහතා ඇතුලු පිරිසක් පසුගියදා පොල්ගොල්ල ජාතික සමූපකාර සංවර්ධන ආයතනයෙහි නිරීක්ෂණ චාරිකාවකට සහ එහි වත්මන් තත්වය මෙන්ම ඉදරි වැඩසටහන් පිළිබඳව සාකච්ඡාවක නිරත විය.
එළඹෙන සැප්තැම්බර් මස රටවල් 80කට ආසන්න විදේශ නියෝජනයන් 600කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් සහ දේශීය නියෝජනයන් 125ක ගේ පමණ දායකත්වයෙන් දින 10ක් පුරා පැවැත්වීමට නියමිත ආහාර ස්වෛරී භාවය වෙනුවෙන් පැවැත්වෙන 3වන "NYELENI" ගෝලීය සමුළුව මෙම ආයතනය තුළ පැවැත්වීමට කටයුතු සූදානම් වෙමින් පවතී.
අතහැර දමා විකිණීමට නිර්දේශ කොට තිබූ මෙම ආයතනය වත්මන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ මහතාගේ නිසි මඟපෙන්වීම ඔස්සේ යමින් රටේ අනාගතයට අවශ්ය වන පරිදි ජාතික හා ජාත්යන්තර ආයතනයන් සමඟ එක්ව ඉදිරියේදී විශ්වවිද්යාලයක් දක්වා වර්ධනය කිරීමට අවධානය යොමු වී ඇත.
අක්කර 20කට වැඩි භූමියක විහිදෙන මෙම ආයතනයේ සම්මන්ත්රණ ශාලා, නේවාසිකාගාර, දේශන ශාලා, පුස්තකාලය, පරිගණක විද්යාගාර වැනි විශාල අධ්යාපනික සේවා ස්ථානයන්ගෙන් සමන්විත වේ. පසුගිය රජය සමයේ නිසි අවධානයක් යොමු නොවූ මෙම ආයතනය විකිණීමට සූදානම් කර තිබූ අතර වත්මන් රජය බලයට පත්වීමත් සමඟ මෙම ආයතනය වෙත නිසි අවධානය යොමු කරමින් නැවත ගොඩ නැංවීමට කටයුතු කරමින් ඇත.
ශ්රී ලංකාවේ සමූපකාර ව්යාපාරය ශක්තිමත් කිරීමට දැනුම, පුහුණු සහ අධ්යාපනය ලබා දෙන එකම සහ පැරණිතම ආයතනය මෙයයි.