රෝස මලක් වගේ ඉන්න දෝණිට රෝස පැහැයෙන් ලස්සනට මැසූ ගවුමකි. ලේස් හා රෝස මල් මුද්‍රිත රෙදිවලින් මසා ඇති මේ ගවුම ඔබේ දියණියටත් මෙලෙසින් මසා දෙන්න. මුද්‍රිත රෙදි තෝරා ගැනීමේ දී කපු හෝ කප්‍ර මිශ්‍ර රෙදි තෝරාගන්න.
ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටි නිරුවත් මානවයා පරිණාමයත් සමඟින්, විලිවසා ගැනීම සඳහා කොළ අතුවලටත් අනතුරුව සත්ත්ව සම්වලටත් යොමු වුණි. අනුක්‍රමයෙන් ශිෂ්ටාචාර ගත වෙද්දී නූල් නිපදවා රෙදි වියා ගැනීම සිදුවූවා. වසර දහස් ගණනකට ඉහත දී නිමැවුණු එම දළ රෙදිකඩ අද වන විට අදහාගත නොහැකි තරම් වෙනසකට, විවිධාංගීකරණයකට ලක් වී තිබෙනවා.
මේ උදාවී තිබෙන්නේ මල් මනාලියන්ගේ වසන්තයයි. මේ නිසාම මංගල උත්සවවල අඩුවක් නම් නැහැ. මේ වගේ උත්සවයකට යනකොට සාරිය මෙන්ම ගවුම් අඳින අයට ගැළැපෙන විලාසිතාවක කරාබු යුගලකි මේ.
අභියෝග පැමිණෙන්නේ ඔබ විනාශ කිරීමට නොවේ. ඔබගේ සැඟවුණු හැකියාවන් හඳුනාගැනීමටය. අප මේ ගෙවමින් සිටින්නේ ද එවැනි කාල පරාසයකි. ආර්ථික අභියෝග හමුවේ සියල්ල කඩා වැටී එකතැන නතර වී ඇති මොහොතක ඒ ආර්ථික දුෂ්කරතා මතින් ජීවිතය ජය ගන්නට අපේ ගෘහණියන් සැබෑ දක්ෂය. මේ කාලයේ අපට ඇත්තේ සිහින සැබෑකර ගැනීම වෙනුවට ඒ සඳහා පසුබිම තැනීමය. නිවහනක් තැනීමේ සිහිනය මඳකට කල් තබා තිබෙන නිවෙස පිළිසකර කර ගැනීම පවා මේ කාලයේ විශාල මුදලක් වැයවෙන කටයුත්තකි.
සොඳුරු ඇන්තූරියම් ලෝකයේ දම් පාටට හිමිව ඇත්තේ ප්‍රමුඛස්ථානයකි. දම් ඒ තරමටම සුන්දර ලෝකයක් ඇන්තූරියම් මල් වගාකරුවන් අතර නිර්මාණය කර ඇත.
දම් වර්ණයේ ද එකිනෙක ප්‍රභේද පැවතීම තවත් විස්මයකි. ළා දම්, තද දම්, සුදු පැහැය මිශ්‍ර වූ දම්, රෝස පැහැයට ආසන්න දම් ආදී ලෙස මේ වර්ණ පරාසයන් නෙතු විස්මයට පත් කරයි.
නම් ලෙසින් මේ ඇන්තූරියම් හඳුනාගැනීම ආධුනික ඔබට බෙහෙවින්ම ප්‍රයෝජනවත්ය. ෆස්ට් පර්පල්, නිව් පර්පල්, යූටා, ඇලෙක්සියා පර්පල්, බේබි පර්පල්, කවාලි, සිරානෝ, සිසෝව්, ෆියුරිනෝ, ඩයිනමයිට් පර්පල් ආදී වර්ණ රැසකි. මේවායේ මල් විවිධ හැඩගන්නා අතර මලේ ප්‍රමාණය ද එකිනෙකට වෙනස් ය. දම් පැහැයේ ලොකුම යූටා ය.
ජීවනීට සරලාගේ නිවෙස දැක්කා ම ලෝබ හිතුණා. පර්චස් 8ක පමණ ප්‍රමාණයක මහල් දෙකකට නිමවා තිබුණු මේ නිවෙසේ සැලැස්ම නම් හරිම අපූරුයි. කිසිම ඉඩක් අපතේ නොයන පරිදි කොරිඩෝවලින් පවා ප්‍රයෝජන ගෙන තිබුණා.
හැඩට රුවට ඉන්න තරුණියන් උත්සව අවස්ථාවල දී වඩාත් සොඳුරු ලෙස සැරසෙනවා. එවැනි තරුණියන් වෙනුවෙන් තවත් ලස්සන කරාබු යුගලක් නිර්මාණය කරගන්නා ආකාරය මෙන්න. මේ කරාබු ඔබේම අතින් නිර්මාණය කරන්න. මිතුරියන් වෙනුවෙන් නිර්මාණය කර වෙළෙඳපොළක් ද සොයා ගන්න.
දවසක් සසංකා එයාගේ මිතුරියක වන මහේෂිගේ නිවෙසට ගියේ හදිසියෙන්, දැනුම්දීමකින් තොරවම. සසංකා යද්දී මහේෂි උයනවා. මුළු කුස්සියම වනා ගෙන මහේෂිට තිබුණේ අලුත්ම සැලසුමකට අනුව ඉදි කළ නවීන පන්නයේ නිවෙසක්. රැකියාවකට නොයන නිසා මහේෂි අතින්මයි නිවෙසේ බොහොමයක් කර්තව්‍යයන් සිදු කෙරුණේ.
මල්, පලතුරු පිරි මේ කතිර රටාව අගනා බිත්ති සැරසිල්ලකි. මේ සඳහා ඔරලෝසුවක් ද එක්කර ඇති බැවින් කෑම කාමරයේ හෝ මුළුතැන්ගෙයි බිත්තිය හැඩ කරන්නට සුදුසුයි.
අප ඉදිරියේ පවතින අවදානම බොහෝ දෙනා තවමත් හරි හැටි හඳුනාගෙන නැහැ. මහ පොළොවේ එක බිම් අඟලක්වත් මුඩු වෙන්න නොදී වගා කිරීම අත්‍යවශ්‍යයි. ඉවතලන දඬු කැබැල්ලක් දලුලන්න තරම් සාරවත් පසක් තියෙන රටේ, වසරේ තුන්සිය හැටපස් දවසේම ඉරපායන, වර්ෂාව ලොකු හිඟයක් නැති රටේ ඉඩම් මුඩු වෙන්න හැරීම, කුඹුරු පුරන් වෙන්න හැරීම තරම් අපරාධයක් තවත් නැහැ.
පින්බර වෙසක් සැමරුමක් වෙනුවෙන් වෙසක් සුබපැතුමක් යවන්නට හිතන ඔබ වෙනුවෙන් අගනා කාඩ් පත් දෙකකි මේ. පේපර් කුවිලිං ක්‍රමයට ඔබටත් මේවා පහසුවෙන් නිර්මාණය කරගත හැකියි.
රතු රෝස ආදරයේ ආදරණීය සංකේතයයි. ඒ නිසාම තම ආදරණීයයන් වෙනුවෙන් නිර්මාණය කරන උපන්දින, විවාහ මංගල කේක් නිර්මාණ සඳහා මේ අලංකාර රෝස මල සකසාගත හැකියි. මෙය සකසා තිබෙන්නේ ගම් පේස්ට්වලිනි. එහෙත් ෆොන්ඩන්ට් අයිසිංවලිනුත් මේ ලස්සන රෝස මල හදන්න පුළුවන්. එහෙම හදනවා නම් ෆොන්ඩන්ට් අයිසිංවලට තයිලෝ පවුඩර් බොහොම පොඩ්ඩක් එකතුකරන්න.
පුංචි සන්ධියේ තමන් තුළ පවත්නා හැකියාව රැකියාවක් කර ගන්නේ කීයෙන් කී දෙනාද? සමහරකුට එය හඳුනා ගන්නට නොහැකියි. තවත් අයකුට හඳුනා ගත්තත් එයට ජීවය දීමට ශක්තියක් නොවෙයි. එසේත් නැතිනම් මව්පියන්ගේ කැමැත්තට ඉඩ දී තම හැකියාව සඟවා වෙනතකට යොමු වන්නට වෙයි. එහෙත් ඇතැමුන්ට හිටි හැටියේම තම හැකියාව ප්‍රයෝජනවත් වන අවස්ථා හමු වෙයි.
පසුගිය සතියේ අපි ප්‍රවේශයක් ලබා ගත්තේ ඇඟලුම් ක්ෂේත්රයේ දී ප්‍රමුඛතම අමුද්‍රව්‍යය වන 'රෙදි' පිළිබඳ කතිකාවතටයි. රෙදි තෝරා ගැනීමේ දී අවධානය යොමු කළ යුතු කරුණු රැසක් පිළිබඳ අවබෝධය මේ වන විට ඔබට ලැබී තිබෙනවා. ව්‍යාපාරයක් ලෙසින් පමණක් නොව, පාරිභෝගිකයකු වශයෙන් රෙදි හෝ ඇඟලුම් මිලට ගැනීමේ දී මෙම දැනුම අනිවාර්යයෙන්ම ඉවහල් වෙනවා. ඔබ වෙළෙඳපොළට ඉදිරිපත් කරන නිෂ්පාදනයක් වේවා, මිලදී ගනු ලබන්නක් වේවා, එය උසස් ප්‍රමිතියෙන් යුතුව සැපයීමට සහ මිලදී ගැනීමට කටයුතු කිරීමෙන් අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු වෙනවා.
නූල් හා ඉඳිකටු ගැන මේ තොරතුරුත් වැදගත්
ඔබ වෙළෙඳපොළෙන් මිලදී ගන්නා නූල් පන්දුවේ ලේබලය කියන්නේ, දැනුම විශාල ප්‍රමාණයක් අඩංගු අත් පොතක් වගේ දෙයක්. එය දැන් ඔබට අවබෝධ වී ඇති. එහෙම නම් ලේබලය ගලවලා බලමු එතැනින් ඉදිරියට යන්නෙ කොහොමද කියලා.
වෙසක් දින රාත්‍රීයේ පරිසරය වර්ණවත් කරන්නට අගනා නෙළුම් මල් නිර්මාණයකි මේ. ඔබේ දූ දරුවන් ළං කරගෙන ඔබත් මේ මල් නිර්මාණය කරන්න.
Page 11 of 25