නිවෙසේ සාමාජිකයන් රැඳෙන තරමට ගෘහණියට වැඩි වාර ගණනක් ආහාර පාන සම්පාදනය කිරීමට සිදුවෙනවා. කෝවිඩ් සමඟ නිතර සංචරණ සීමා අලුත් වෙද්දී මේ අත්දැකීමට ඔබත් නිරන්තරයෙන්ම මුහුණ පානවා ඇති.
ජීවත්වන්නේ ආහාර ගැනීමට නොව, ආහාර ගන්නේ ජීවත් වීමට බව බොහෝ දෙනෙක් පවසති. එය සැබෑවකි. එහෙත් ජීවත් වීම කලාවක් නම් ඒ කලාවේ එක් අංගයක් වන්නේ ඉවුම් පිහුම් කලාවයි.
කාමරංකා ගසක් ඇති බොහෝ නිවෙස්වල ඒවා බිම වැටී අපතේ යනු අපට දැක ගත හැකිය. රසගුණ ඇති පලතුරක් ලෙස කාමරංකා ගැන දැනගෙන සිටිය ද එය ව්‍යාංජනයක් ලෙස සකසා ගත හැකි බව ඔබ මෙතෙක් නොදැන සිටියා විය හැකියි.
ඔබ අප කාටත් කෝවිඩ් 19 වසංගතයත් සමඟ ජන ජීවිතය ගෙනයන්න සිදුවෙලා. ඉතිං මේ තත්ත්වය මත ජීවිතයේ සුවිශේෂී දින වකවානු පැමිණියත් ඒවා උත්කර්ෂවත් ලෙස නෑ හිත මිතුරන් මධ්‍යයේ සමරන්නත් අපට බැහැ.
''කොහොම ඉව්වත් යන්නේ බඩට නේ.. බඩගින්නට කන්න තිබුණොත් මදැයි.''. ඇතැම් අය මෙලෙස පවසන ආකාරය ඔබත් අසා ඇති. අප ඉවුම් පිහුම් කරන්නේ කුසගිනි නිවාගන්නට බව සැබෑවකි. එහෙත් කුසගිනි තිබූ පමණින් ම ආහාරයක් යමකුට ප්‍රිය නොවිය හැකිය.
නිවසේ ලුණු පොල් කට්‌ට හිස් නොකළ යුතුය. එය නිතරම ලුණුවලින් පිරී තිබිය යුතුය. ලුණු පොල්කට්‌ට මිදී ඇත්නම් එය සෞභාග්‍යය උදාකරන සංකේතයක් ලෙස එදා අපේ ගැමියන් සලකන ලද්දේය. ලිප ළඟ තිබෙන ලුණු පොල්කට්‌ට නිවසේ සම්පතකි. ලුණු පොල්කට්‌ට මිදෙන්නේ ඉතාම කලාතුරකිනි. සෑම නිවෙසකම ලුණු පොල්කටුව මිදෙන්නේ නැත. මෙය විරල ලක්‍ෂණයකි. මෙම ලුණු පොල් කටුව මිදෙන්නේ යහපත් පරිසරයකය.
Page 36 of 43