Thursday, February 05, 2026
Follow Us
රම්පෙ හොට් ටී ද? කූල් ඩ්‍රින්ක් ද?

අවශ්‍ය දේවල්

රම්පෙ කොළ ග්‍රෑම් 120ක්

සීනි ග්‍රෑම් 180ක්

වතුර් ලීටර් 2.5ක්

 

මෙහෙමයි හදන්නේ

රම්පේ කොළ හොඳීන් සෝදා කපා තවත් විනාඩි 45 ක් හෝ පැයක් පමණ පෙඟෙන්න තියන්න. අතුල්ලා නැවත සෝදාගන්න.

එලෙස පෙඟෙන්න තියන්නේ රම්පේ කොළවල ඇති මඩ, දූවිලි ආදිය හොඳීන් සෝදාගන්නයි.

පසුව ගැඹුරු බඳුනකට එම කපාගත් රම්පේ කොළ හා වතුර දමා පියනකින් වසා තැම්බෙන්න තියන්න. විනාඩි 15 කින් පියන ඇර පිරිසුදු හැන්දකින් කලවම් කර තවත් විනාඩි 25 ක් තියන්න. පසුව තැම්බුණු රම්පේ කොළ අයින් කර සීනි එකතුකර තවත් විනාඩි 3 ක් හැඳීගාමින් පිසගන්න.

මෙය පෙරා උණුවෙන් කෝප්පවලට දමා පානය කරන්න.

නැත්නම් හොඳීන් නිවෙන්න තබා නිවුණාට පසු අයිස් කැට දමා ඩ්‍රින්ක් එකක් විදිහට පිළිගන්වන්නත් පුළුවන්.

(Tharunie)