කවුරුවත් වැඩිය නොකන, ඒත් හැදුවොත් රස හින්දම බෑ නොකියා කන කොස් ඇටවලින් හදන රස කෑම ගැන දන්නවද? නොදන්න අය ඉන්නවනම් ඔන්න අද හදමු.
අපි රස වගේම ගු ණවත් කෑම ටිකක් හදන්නයි යන්නෙ. කොස් ඇට 25ක බිත්තරයක ගු ණ තියනවා කියනවනේ. නිර්මාංශ අයට ප්‍රෝටීන් ගන්න හොඳ ක්‍රමයක් මේක. ඉතින් ඔය අනික් කෑම වගේ කොස් ඇටත් එදිනෙදා කෑමට එකතු කරගෙන බලන්නකෝ.
අවශ්‍ය ද්‍රව්‍ය:-
කොස් ඇට කෝප්ප 2ක්
බැදගත් කැකුළු හාල් කෝප්ප 1ක්
සියඹලා යුෂ ස්වල්පයක්
තළාගත් සුදුලූනු බික් 4ක්
අබ ස්වල්පයක්
කපාගත් අමු මිරිස් කරල් 2ක්
කරපිංචා ස්වල්පයක්
වියළි මිරිස් කරල් 2ක්
ලුණු රස අනුව
මිරිස් කුඩු තේ හැඳි 2ක්
කබලේ බැදගත් මිරිස් කුඩු තේ හැඳි 1ක්
අමු තුනපහ කුඩු තේ හැඳි 1ක්
කබලෙ බැදගත් පොල් මේස හැඳි 3ක්
කුරුඳු පොතු ස්වල්පයක්
ගම්මිරිස් කුඩු
සාදන ක්‍රමය:-
01. මුලින්ම වතුරවලට සියඹලා යුෂ එක්කරන්න.
02. කොස් ඇට හොඳට තම්බගන්න.
03. දැන් මේ ටික ලාවට තළාගන්න.
04. කබලෙ බැදගත් පොල් හා හාල්වලට සුදුලූනු, ලූනු, ගම්මිරිස් කුඩු, ලුණු, කරපිංචා, කුරුඳු පොතු, අබ දාලා අඹරගන්න.
05. භාජනයකට පොල්කිරි ටික දමා මේ අඹරාගත් පොල් එකතු කර කහ කුඩු, මිරිස් කුඩු, තුනපහ කුඩු එකතු කරන්න.
06. දැන් කොස් ඇට ටික දාලා රස අනුව ලුණු, ගම්මිරිස් කුඩු හා කපාගත් වියළි මිරිස් එකතු කර ළිපේ තියා මඳගින්නෙ උතුරවගන්න.
07. අවසානයට බැදපු මිරිස්කුඩු ටික උඩින් ඉසගන්න.
Tharunie