Thursday, February 05, 2026
Follow Us
පාසල් දරුවන්ගේ පෝෂණයට ක්‍රීම් කඩල

අවශ්‍ය ද්‍රව්‍ය

තම්බාගත් කඩල කෝප්ප 1ක්

කිරි කෝප්ප 1ක්

බටර් මේස හැඳි 1ක්

රස අනූව ලුණු

ගම්මිරිස්කුඩු ස්වල්පයක්

 

සාදන ක්‍රමය

පළමුව තම්බාගත් කඩල හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ක්‍රීම් වෙනකල් බ්ලෙන්ඩ් කර භාජනයකට දමා ළිප තියන්න.

බටර් හා කිරි ටිකත් එකතුකර හොඳට හැඳිගාන්න. රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දමා උකු වෙනකල් ළිප තබා හැඳිගාන්න. මෙය පාසල් යන දරුවන්ගේ උදෑසන ආහාර වේලට පෝෂදායි ආහාරයකි.

(Tharunie)