Monday, January 05, 2026
Follow Us
Christmas Tree Cookies

අවශ්‍ය ද්‍රව්‍ය

බටර් හෝ මාගරින් කෝප්ප 1/2ක්

අයිසිං සීනි කෝප්ප 2ක්

කිරි මේස හැඳි 2ක්

ගාගත් පොල් කෝප්ප 3ක්

වැනිලා තේ හැඳි 1/2ක්

කොළ පාට කලරින්

සැරසීමට

චොකලට් චිප්ස් කෝප්ප 3/4ක්

බටර් හෝ මාගරින් තේ හැඳි 1ක්

කිරි මේස හැඳි 1ක්

mini M & M (smarties)

සාදන ක්‍රමය

 භාජනේකට බටර් දමා ඩබල් බොයිල් කර මෙල්ට් කර ගන්න. එයට අයිසිං සීනි, කිරි, පොල් සහ වැනිලා අවශ්‍ය පමණ කලරින් දමා හොඳින් මිශ්‍ර කර ගන්න.

එම මිශ්‍රණයෙන් කුඩා බෝල කඩාගෙන අතේ තබා රෝල් කර කෝන් එකක් ආකාරයට සාදාගන්න.

කේක් තැටියකට පාච්මන්ට් පේපර් එකක් දමා එය මත සාදා ගත් කෝන් තබා පැය 2 - 3ක් ශීතකරණයේ යට කොටසෙහි හෝ ෆීසර් එකේ විනාඩි 45ක් තියන්න.

චොකලට් ටික මෙල්ට් කර ගන්න. එයට බටර් සහ කිරි දමා අඩු ගින්දරේ හැඳි ගාන්න.

ඉන්පසු සාදා ගත් කෝන් උඩට වක් කර ගන්න. හිම වගේ පෙනෙන්න.

ඒ මත mini M&M හෝ smarties තබා හැඩකර ගන්න. නැවත පිළිගන්වනතුරු ශීතකරණයේ තියන්න.

Tharunie