අවශ්‍ය ද්‍රව්‍ය
බිම්මල් ග්‍රෑම් 250ක් (පෙති කපාගත්)
ලොකු ලූනු ගෙඩියක් (සිහින්ව ලියාගත්)
අමුමිරිස් කරල් 2-3ක් (පළාගත්)
සුදුලූනු බික් 2ක් (තළාගත්)
කරපිංචා සහ රම්පෙ ස්වල්පයක්
මිරිස් කුඩු, තුනපහ කුඩු තේ හැඳි 1/2ක් (අවශ්‍ය නම් පමණි)
කහ කුඩු ස්වල්පයක් (සුදුපාටට තබා ගැනීමට අවශ්‍ය නම් ඉතා ස්වල්පයක්)
දියකිරි කෝප්ප 1ක් සහ මිටිකිරි කෝප්ප 1/2ක්
රස අනුව ලුණු සහ තෙල් හෝ බටර් මේස හැඳි 1ක්
සාදාගන්නා ආකාරය
භාජනයකට තෙල් හෝ බටර් ස්වල්පයක් දමා ළිප තබා, ලූනු, සුදුලූනු, අමුමිරිස්, කරපිංචා සහ රම්පෙ එකතු කර රන්වන් වන තුරු තෙම්පරාදු කරන්න.
එයට කහ සහ තුනපහ කුඩු එකතු කර මොහොතක් බදින්න.
දැන් කපාගත් බිම්මල් එකතු කර හොඳින් කලවම් කර, දියකිරි සහ ලුණු එකතු කරන්න.
මධ්‍යම ගින්දරේ බිම්මල් හොඳින් තැම්බෙන තුරු උතුරුවාගන්න.
වතුර සිඳීගෙන එන විට මිටිකිරි එකතු කර, මඳක් රත්වූ පසු ළිපෙන් ඉවත් කරගන්න.
Tharunie