Body Butter කිව්වම කාටත් තේරෙනවා ඒක ශරීරයට ගල්වන දෙයක් කියලා.ඒත් ඉතින් ලංකාවටනම් ගොඩක්ම පුරුදු body butter කියන එකට වඩා body lotion කියන එක.
මට අද හිතුනා කාන්තාවන්ට.... විශේෂයෙන් දරුවන් ලැබූ කාන්තාවන්ට තියෙන ගැටලුවක් ගැන විස්තර ටිකක් සඳහන් කරන්න. අනේ ඉතිං මට මේ ගැන මහ ලොකු වෛද්‍ය විද්‍යාත්මක දැනුමක් නැහැ. මට strech marks ආවේ නැහැ මුල ඉඳලම පරිස්සම් උන නිසා . මේක වෛද්‍යවරයෙක් ලියපු පොතකින් තමයි මම උපුටා ගත්තෙ.
මේකප් ගැන ලියන ලිපි මාලාවේ මස්කාරා හා කෘතිම අැහි පිහාටු සම්බන්ධයෙන් තමයි මේ ලිපිය.
✔️කොන්ඩය කෙලින් කිරීම එහෙමත් නැත්නම් rebounding, relaxing කිරීම ගැන අපි මේ වෙනකොට සමූහයේ සාකච්ඡා කරලා ඉවර කරල තියෙනවා. ඒවා සාකච්ඡා කරගෙන යන අතරේ විටින් විට ඔයාල අහපු ප්‍රශ්නයක් තිබුණා. ඒ තමයි keretin treatment එක ගැන. මේක keratin straightening කියලත් හඳුන්වනවා. මේකෙදි ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ ඔබේ හිසකෙස්වලට බාහිරින් පෝෂණයක් තාවකාලිකව ලබා දීමයි.
? අපි මීට කලින් shampoo conditioner කරන හැටි එක සාමාන්‍ය විදිහට සාකච්ඡා කරලා තියෙනවා. shampoo ගැන නම් හොද ෂැම්පු එකක් තෝරගන්න හැටි කොහොමද කියලත් සාකච්ඡා කලා. නමුත් ඔයාලා හැමදාම අහන ප්‍රශ්නයක් තමයි leave on conditioner කියන්නේ මොකක්ද....ඒක පාවිච්චි කරන්නෙ කොහොමද ....කියන එක. ඉතින් මට හිතුනා අද මේ conditioner ගැන කතා කළොත් හොඳයි කියලා.
?කාන්තාවන් දහ දෙනෙක් ගත්තොත් ඇස වටා ප්‍රදේශය පිළිබඳ ප්‍රශ්න, විශේෂයෙන් ඇස යට ප්‍රදේශය කලු වීම කියන ප්‍රශ්නය පස් දෙනෙකුට වත් තිබෙනවා. බොහෝ සමූහයන් වල නොයෙක් අවස්ථාවලදී දැකලා තියෙනවා ඒ සඳහා උදව් ඉල්ලනවා. ඒවට උත්තර සපයන අය කවදාවත් එයාලගෙන් අහන්නෙ නෑ ඇයි මෙහෙම වුනේ කියලා.
දේහ ලක්ෂණ විද්‍යාෙව්දී නාසයේ පිහිටීම පිළිබඳවත් බොහෝ විචාර ලබා දිය හැකියි. ඕනෑම කෙනකුගේ මුහුණ දෙස බැලීමේදී එක එල්ලේ නාසය පෙනේ. මේ නිසා නාසයේ පිහිටීම අනුව කෙනකුගේ මුහුණට ලැබෙන පෙනුම විශේෂිතය.
මගේ මුහුණේ වෙනස් කරන්න තැනක් තියනවද කියලා කවුරු හරි ඇහුවොත් මම කියන්නේ ඔව් තියෙනවා ඕන තරම්... නමුත් ඒ අතරින් ප්‍රධානයි නිකට කියලා.
? පසුගිය ලිපියෙන් මම ඇතුළු හුගක් අය කැමති මාතෘකාවක් වෙන whitening cream ගැන අපි කතා කළා. බොහෝ අයට ඒ පිළිබඳව තිබුනේ අමිහිරි අද්දැකීම්... එහෙම වෙන්න හේතුව බොහෝ විට ඒවායේ තිබෙන සමට අහිතකර රසායන ද්‍රව්‍ය නිසයි.
මේ දවස්වල අපි නියපොතු ගැනනේ කතා කරන්නේ. මීට කලින් අපි ලිපි කිහිපයක්ම ඒ ගැන පළ කළා. ඉතින් නියපොතු ගැන තවත් කරුණු කිහිපයක් කථා කරන්නයි අද සූදානම. මේකෙන් ඔයාලට යම් දැනුමක් ලැබේවි නියපොතුවලට හැදෙන රෝග පිළිබඳව.
මුලින්ම කියන්න ඕනේ මම dental doctor කෙනෙක් නෙමෙයි. මං මේ article එක ලියන්නේ අවුරුදු 5ක් braces දාගෙන ඉදල එකතු කරගත්ත දැනුම වගේම අත්දැකීම් තියන සාමාන්‍ය පුද්ගලයෙක් හැටියට. ඒ හින්දා මහා බැරෑරුම් ප්‍රශ්න වලට මට උත්තර දෙන්න නම් බෑ. group එකේ ඉන්න doctors මන් කියන දේවල් වැරදි නම් ඒවා නිවැරදි කරලා දෙන්න කියල ඉල්ලා සිටිනවා. මන් මේක ලියල්ල හිතුවේ motivation එකක් විදිහට. මොකද ගොඩක් වෙලාවට දත් අපිළිවෙල අපේ personalty එකට ප්‍රශ්නයක්. ඕක තේරෙන්න ටික කාලයක් යනවා. එතකොට අපිට ඕනේ කියල හිතුනත් වැඩිහිටියෝ ඕකට ළමයි motivate කරන්නේ හරි අඩුවෙන්. එත් මට ඒ motivation එක උපරිමෙන් හම්බුනා ගෙදරින්. අපේ අම්මි අප්ප්ච්චිමයි braces දාමු කියල හැම දේම බලලා කලේ. ඉතින් එහෙම නැති කට හරි කමක් නෑ දත් පෙන්නලා හිනා වෙන්නේ න කියල හිත හදාගෙන ඉන්න අයට motivation එකක් වෙන්නයි මන් මේ ලියන්නේ!
අනවශ්‍ය රෝම තාවකාලිකව ඉවත් කිරීමේ හොඳම ක්‍රමය හැටියට මම පසුගිය ලිපියෙන් ඔයාලට කිව්වේ ඉටි භාවිතයයි. මේ ඉටි හදාගන්න ප්‍රසිද්ධම විදිය තමයි සීනි භාවිතය. මේක සමහර අයට හොඳ පදමට හදාගන්න පුළුවන් උනාට ගොඩක් අයට බැහැ. ඒ නිසා අපි බලමු කොහොමද හොඳ wax එකක් හදා ගන්නේ කියලා.
අපි හිතනවා ප්‍රේම සම්බන්ධතා කැඩිලා යන්නෙ අදහස් නොගැළපීම නිසා වගේ දේ නිසා කියලා. මම දන්න පෙම්වතුන් යුවලක් සිටියා. ඔවුන් සාමාන්‍යයෙන් මුණගැහෙන්නේ මාසෙකට සැරයයි. ඒකත් පිරිමි ළමයා යන්න ඕනේ කොළඹ ඉඳලා ගෑනු ළමයව බලන්න සීතල කඳුකරයට. පාසල් කාලයේ ඇතිවෙච්ච සම්බන්ධයක් නිසා ඒ ගමන සිද්ධ වුනේ ගෙදරට හොරෙන්. ඒ නිසා පාන්දර ගියහම රෑ වෙන්න කලින් ගෙදර එන්නත් ඕනේ. ඒ ගමනට මුදල් උනත් හොයාගන්නේ අමාරුවෙන් කියලයි ඔහු කිව්වෙ. අවුරුදු හතරක සම්බන්ධතාවයකින් පස්සේ ඔහු තීරණය කරනවා ඒ සම්බන්ධය නවත්තන්න. නතර කරන්න ප්‍රධානම හේතුව හැටියට ඔහු ඉදිරිපත් කළේ ඒ ගැහැණු ළමයාගේ මුඛයෙන් හැමූ දුගඳයි.
මුහුණු පොතේ තිබෙන රූපලාවණ්‍ය සමූහ අතරින් යම්කිසි රූපලාවණ්‍ය ගැටලුවකට හොඳම විද්‍යාත්මක විසඳුම් ලබාගන්න පුළුවන් වෙන්නේ අපේ සමූහයෙන් කියලා බය නැතුව කියන්න පුලුවන්. ඒකට හේතුව තමයි සමූහය ආරම්භ කළ මමත් සමූහය වෙනුවෙන් ලිපි ලියන අනිත් අයත් ඒවා ලියන්නෙ හොඳ දැනුමක් ඇතිව වීම.
Page 21 of 26