Sunday, July 06, 2025
Follow Us
Beauty

? හිසකෙස් ගැන කතාකිරීමේදී අපේ කාන්තාවන්ගේ සිහිනයක් තමයි නිරෝගී දිගු කෙස් කළඹක්. ඒත් හැමෝටම එහෙම නිරෝගී වුණත් දිගු කෙස් කලඹක් නං ලැබෙන්නේ නැහැ කොයි තරම් උත්සාහ කළත්. අපේ සමූහයට නිතරම වගේ යොමු කරන ප්‍රශ්නයක් තමයි කොයිතරම් දේවල් කළත් කොන්ඩේ ඉනෙන් පහලට එන්නෙ නැහැ කියන එක. සමහර අයගෙ ඊටත් කෙටියි.

Beauty

✔️කුරුලෑ කියන තත්ත්වයට බරපතළ ලෙසින් මුහුණ දුන්න හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි ඒ කුරුලෑ නිසා මුහුණේ ඇතිවුන තුවාල කැලැල්. කැළැල් සහ පැල්ලම් කියන්නේ දෙකක්. පැල්ලම සම මතුපිටින් තද පාටින් පෙනෙන අතර කැලැල් සම තුළට කා වැදී වලක් ලෙස පේනවා.

Beauty

? මධූ එයාගෙ කොන්ඩෙ ගැන පෝස්ට් එක දාපු වෙලාවේ ඉඳන් ගොඩක් අය inbox ඇවිල්ලා මගෙන් අහනවා කොහොමද එහෙම හදාගන්නෙ කියල ඔන්න ඒ නිසා රැලි කොණ්ඩෙ ගැන මම අද කතා කරන්න හදන්නෙ...සෑහෙන දෙනෙකුගෙ ඉල්ලීම පිට. ගොඩක් කල් ඉඳලා මේ ඉල්ලීම තිබුණත් මම මේ මාතෘකාව පස්සට දැම්මෙ හේතුවක් ඇතුවයි... ඒ තමයි මේ...මට කැරළි වැටිච්ච ලස්සන රැළි රැළි කොණ්ඩයක් ගැන පෞද්ගලික අත්දැකීම් නැති වීම. සරලව කියනවා නම් මට රැලි රැලි මුදු මුදු ලස්සන කොණ්ඩයක් නැත ???

Beauty

අපේ සමූහයේ රූපලාවන්‍ය හා සම්බන්ධ කරුණු ගොඩක් සාකච්ඡා කරලා තියෙනවානේ. කකුල් සහ කකුල්වල නියපොතු ලස්සනට තියාගන්නේ කොහොමද කියන එක ගැනත් අපි සාකච්ඡා කළා. මේ දිනවල අපි සාකච්ඡා කරගෙන යන්නේ අත් සහ අත් වල නියපොතු ගැන.
ලස්සන අත්, ලස්සන ඇඟිලි, ලස්සන නියපොතු තියෙන්න ඇත්තටම වාසනාවන්ත වෙන්න ඕනේ කියලා මට හිතෙන්නේ මට එහෙම ඇඟිලි නියපොතු ලස්සනට නැති නිසා. ඒකට හේතුව මම ගොඩක් අත් කෙට්ටු කෙනෙක් වීමත්, නිවසේ වැඩපල තනියම කරගන්න කෙනෙක් වීමත් තමා. කොහොමත් කල්‍යාණ පහෙන් මාංශ කල්‍යාණය මට බින්දුවයි?. හැබැයි ඉතින් මට සැනසෙන්න කාරණාවකට තියෙන්නේ මට වඩා වයසින් අඩු අයගෙත් දෑත් එහෙම වෙලා තියනව දැක්කමයි.
කකුල් වලට වඩා අමාරුයි ගෙදරක වැඩ කරන කෙනෙක්ගෙ දෑත් පරිස්සම් කරගන්න. සැර සේදුම්කාරක සහ නිතර වතුරේ ගැටීම නිසා අතුරු ආබාධ වැඩියි. අපි මේ ගැන කලින් ලිපියක කතා කළා. අනික උයන පිහන කෙනෙක් නම් එළවළු වල කහට අත්වල රැඳෙනවා. ඒ නිසා නියපොතු ලස්සනට පරිස්සම් කරගන්න අමාරුයි. මොනවා කරන්නද ඉතින්. නමුත් පුළුවන් තරම් දකින කෙනෙකුට අප්පිරියාවක් හිතෙන්නේ නැති වෙන තරමට අත්දෙක පිරිසිදුව පිළිවෙලට තියාගන්න අපි පරිස්සම් වෙන එක සුදුසුයි.
හුඟක් අයට ප්‍රශ්නයක් වෙලා තිබුණා නියපොතු දිගට වවා ගන්න බැහැ දුර්වලයි කැඩිලා යනවා කියලා. නියපොත්තක් අපේ සමෙන් මිදුනාට පස්සේ කොහොමත් එහි ශක්තිය අඩුයි. අනෙක එය සමෙන් මිදෙන්නේ ඇඟෙන් ඉවත් විය යුතු නිසයි ප්‍රශ්න එන්නෙ මේ ඇඟෙන් ඉවත් විය යුතු යැයි සොබාදහම නියම කරන දේ අපි රකින්න දඟලනකොටයි.
ඇත්තටම ඒක රකින්න අමාරුයි. එහෙනම් ගෙදරදොර වැඩ නොකර ඉන්න පුළුවන් වෙන්න ඕනේ. නැත්නම් උපතින්ම ශක්තිමත් නියපොතු අරගෙන එන්න ඕනේ. අවාසනාවට ඉතා ශක්තිමත් නියපොතු කියන්නේ ටිකක් අවලස්සන පෙනුමක් ගෙනෙන නියපොතු. හම වගේම නියපොත්තක් සිනිඳු වුණාම තමයි ඉතින් ලස්සන. සිනිදු නියපොතු ඉක්මනට කැඩෙනවා. මේවා ඉතින් විසඳන්න බැරි ප්‍රශ්න? .
කොහොම වුණත් නියපොතු කියන්නේ අපේ ශරීරය ඇතුලේ තියෙන ප්‍රශ්න එලියට පෙන්නන කණ්ණාඩියක් වගේ දෙයක්. ඇඟ ඇතුලෙ ප්‍රශ්න වෙනකොට හිසකෙස් ගැලවෙනවා, පළුදු වෙනවා, දුර්වල වෙනව කියලා ඔයාලා දැන් හොඳටම දන්නවා. ඒ වගේම තමයි ඇඟ ඇතුළේ ප්‍රශ්න තියෙනකොට නියපොතු දුර්වල වෙනවා කැඩෙනවා ඉරිතලනවා දිලීර ආසාදන පවා ඇති වෙනවා. ඉතින් අපි උත්සාහ කරමු පුළුවන් තරම් හොඳ නියපොතු ටිකක් අතේ ඇඟිලිවලට උරුම කරලා දෙන්න.
මීට කලින් ලිපියකින් මම පැහැදිලි කළා වගේ සේදුම්කාරක ලොකු මෙහෙයක් ඉෂ්ට කරනවා ඔයාගේ නියපොතු දුර්වල සහ අවලස්සන කරන්න. ඉතින් පුළුවන් තරම් සැර සේදුම්කාරක දෑත් වල ගැටෙන්න දෙන එක අඩුකර ගමු.
තෙතමනය (moisturizer ) අඩුවැඩි වීම නියපොතුවල නිරෝගි පෙනුමට බලපානවා. නියපොතු වියළිබව ඔබට දැනෙනවානම්, දෑත් සඳහාම නිෂ්පාදනය කළ තෙල් වර්ගයක් හෝ ක්‍රීම් වර්ගයක් පාවිච්චි කරලා නියපොතු සම්බාහනය කිරීමෙන් නියපොතුවලට හොඳ පෝෂණයක් ලබා ගැනීම සඳහා උත්තේජනයක් ලැබෙනවා. නමුත් නියපොතු ඉතා සිනිඳු, කැඩෙන සුළු නම් ඒවායේ තෙතමනය වැඩි ගතියක් වෙන්න පුළුවන් නිසා ඒ වගේ නියපොතු වලට වැඩිය moisturizer ආලේප කරන්න එපා.
අපි හිතනවා නියපොතුවලට රූපලාවන්‍යාගාරවලින් සත්කාර කරද්දි තියෙන සියළුම උපකරණ පාවිච්චි කරලා නියපොත්ත පණ දාගෙන මදින්න ඕනෙ කියලා. එහෙම නොකළොත් ඔයාලගේ හිතටත් අවුල්. නමුත් ඒ උපකරණ පාවිච්චි කරලා නියපොත්ත මැදීම නිසාම එය දුර්වල වෙන්න පුළුවන් බව ඔයාලා මොහොතකටවත් හිතුවද? ඔව් එහෙම වෙන්න පුළුවන්.
නියපොත්තක් එහෙම උපකරණවලින් මැදලා polish කරලා ගන්න පුළුවන් සහ සුදුසු වෙන්නේ නියපොත්ත ශක්තිමත් නම් තමයි. එහෙම නැතුව කැඩෙන සුළු සිනිඳු නියපොතු තව තවත් අතුල්ලලා ශක්තිය නැති කරනකොට ඒ නියපොත්ත එළියට ආවට පස්සෙ කොහොමත් කැඩිලා යන්න බලනවා. ඒ නිසා දුර්වල නියපොතු තියෙන ඔබ රූපලාවන්‍යාගාරවලින් සත්කාර කරගැනීමේදී නියපොතු මැදීම සඳහා පාවිච්චි කරන උපකරණ (nail buffers ) පාවිච්චි කරන්න දෙන්න එපා. හොඳින් පිරිසිදු කරල nail polish එකක් ආලේප කිරීම ඉතාමත් සුදුසුයි. එවිට යම්කිසි ශක්තියක් ඔයාගේ නියපොත්තට nail polish නිසා ලැබෙනවා. නමුත් ඒවා ඉවත් කිරීමේදී ඇසිටෝන් base nail polish remover පාවිච්චි කිරීම සුදුසු නැහැ.
ඒ වගේම වර්තමානයේ පවතින pandemic තත්ත්වයත් එක්ක අපි හැමතිස්සෙම hand sanitizers පාවිච්චි කරනවා. ඔබේ නියපොතු පරිස්සම් කරගැනීමට අවශ්‍ය නම්, ඇල්කොහොල් අඩු sanitizers පාවිච්චි කිරීමට වගබලා ගන්න. නිතර නිතර ඒවා පාවිච්චි කලොත් නියපොතුවලට හානි වෙන්න පුළුවන්. නියපොතු මඟහැර ඒක කරන්නත් බැරි නිසා nail polish හොඳ විසඳුමක් වේවි.
පැරපින් වැක්ස් සත්කාරයක් කකුල් සහ අත්වලට ඉතා හොඳ ප්‍රතිකර්මයක්. ඒ ගැන විස්තර වෙනත් ලිපියකින් ගෙන එන්නම්.
මෙහෙම සත්කාර කරලා පරිස්සම් වෙලත්, ඔයාගේ නියපොතු ඔයාට ප්‍රශ්නයක් වෙලා නම්, හොඳින් මතක තියාගන්න ඒ කියන්නේ ඔයාගේ ඇඟ ඇතුලෙ ප්‍රශ්නයක්. අපේ ශරීරය තනිකරම මැෂින් එකක් කියලා ඔයාලා දන්නවනේ. ඒ මැෂින් එකේ කොහේ හරි තැනක වැරැද්දක් තියෙනවනම් එළියට එන දේවල්වලින් තමයි අඩුපාඩු පෙන්නන්නෙ. පහත සඳහන් අසනීප කීපය ප්‍රධාන වශයෙන් හේතු වෙනවා ඔයාලගේ නියපොතු දුර්වලවීමට.
Raynaud's syndrome
මෙය ඉතාමත් කලාතුරකින් ඇතිවන තත්ත්වයක්. අධික ශීතල හෝ පීඩනය නිසා ඇඟිලි වලට ලැබෙන ලේ ගමනාගමනය අවහිර වී එහෙම නැත්නම් අඩාල වෙලා ඇගිලි තුඩු නිල් පැහැයට හෝ සුදු පැහැයට හැරීම. මෙමගින් ලේ ගමනාගමනය නවතින නිසා නියපොතුවලට පෝෂණය ලැබීම නැති වෙනවා. නියපොතු මැරෙන්නත් පුළුවන්. එය ඉතාමත් කලාතුරකින් දකින්නට ලැබෙන තත්ත්වයක්.
Hypothyrodism
තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අපේ මුළු ශරීරයේ බොහෝ තැන් වල පාලනයට බලපාන දෙයක්. තයිරොක්සින් හෝමෝනය අඩු උනහම නියපොතු දුර්වල වීම වලක්වන්න බෑ. ඉතින් උඩ විදිහට සත්කාර කරලා කොයිතරම් කලත් ඔයාගේ නියපොතු ශක්තිමත් වෙන්නේ නැත්නම් හේතුව මෙය විය හැකියි. ඖෂධවලින් ඉතා හොඳින් පාලනය කරගත හැකි තත්ත්වයක්. නිරන්තරයෙන් වෛද්‍ය උපදෙස් පතන්න. පරීක්ෂණවලට යොමු වන්න.
Animia
රක්තහිනතාවය, ඒ කියන්නේ ඔබේ ශරීරයට අත්‍යවශ්‍ය තනිව ඛනිජ ලවනයක්වන අයන් එහෙමත් නැත්නම් යකඩ ඌනතාවය. ඉතින් මේ තත්ත්වය තියනවනම් ඔයාට හිසකෙස් වගේම නියපොතු දුර්වල වෙන එක වළක්වන්න බෑ. ඔබ කාන්තාවක් නම්, මාසික ඔසප්වීමේදී පිටවන රුධිර ප්‍රමාණය වැඩිද කියල පරික්ෂා කර ගන්න. මේවා පාලනය කරගත හැකි දේවල් නිසා අනිවාර්යෙන්ම ප්‍රතිකාර වලට යොමු වන්න.
cancer treatments
යම්කිසි පිළිකා තත්වයකදි කෙරෙන ඖෂධ සහ නොයෙකුත් ප්‍රතිකාර ක්‍රමවල බලපෑම නිසාත් ඔබේ නියපොතු දුර්වල විය හැකියි. පාලනය කරගත නොහැකි තත්ත්වයක් වුණත් නියපොත්තකට වඩා ජීවිතේ වටිනා බැවින්, බාහිරව ශක්තියක් ලබා දෙමින් එය රැක ගන්න උත්සාහ කරන්න .
එහෙම කිව්වට බෑනේ කොහොමද එහෙම කරන්නේ ?. ඒකට හොදම උත්තරය තමයි නවීන තාක්ෂණය අනුව නියපොත්ත සවිබලගැන්වීම. ඒ කියන්නේ කෙස් ගස් දුර්වල උනහම අපි බාහිරින් keretin තැන්පත් කරලා ඒ කෙස් ගහ ශක්තිමත් කරනවා වගේ නියපොත්තටත් කෘතිම ආවරණයක් ස්වභාවික පෙනුමක් සහ ස්වභාවයක් එක්ක ලබාදීලා ශක්තිමත් කිරීම. Gel nails/ acrylic nails තියෙන්නේ අන්න ඒකට තමයි. මේ නමින් තොරතුරු හෙව්වා නම් ඔයාලට මේ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්. අපි ඉදිරියට ඒවා ගැන වෙනම ලිපි සකසනවා.
ඉතින් ඔයාලගේ නියපොතු ශක්තිමත් නැහැ කැඩෙනවා කියලා අඬ අඬ ඉන්නවට වැඩිය හොඳ උත්තරයක් දැන් තියෙනවානේ. මේවා නරක දේවල් නෙමේ. හොඳින් පළපුරුදු කෙනෙක් කරනවා නම්, ඉතාමත් ලස්සන නියපොතු පෙළක් පෙලක් ඔබට මේවා මගින් ලබාගන්න පුලුවන්. සති දෙකකට පමණ වරක් හෝ මාසෙකට වරක් අලුත් වැඩියා කර ගැනීමක් පමණක් නැවත කරගැනීමට සිද්ධවේවි. මුලින් යන වියදම ටිකක් වැඩි උනත් අලුත් වැඩියාව (maintenance ) සදහා යන වියදම ඊට අඩුයි. නමුත් එයින් ලැබෙන පෙනුම සහ ශක්තිය නියපොත්ත දුර්වල නෑ කිය කිය අඬ අඬ ඉන්න ඔයාලට හොඳ උත්තරයක් කියලා මම හිතනවා.

(Beauty Secrets with Rapunzel)

Beauty

?ඔන්න කාලෙකින් රූපලාවන්‍ය ලිපියක් ලියන්න කල්පනා කලා. ඔව් ඉතින් මේක රූපලාවණ්‍ය හා සම්බන්ධ සමූහයක් නෙ නේද....??? ඇඩ්මින් නම් එක විදිහක් තමයි ... ඒවා හොයන්නේ නැතුව ඔන්න ඔහේ ඔයාගෙ ලස්සන ගැන විතරක් හිතමු .

Beauty

අපේ සමූහයේ තුළ නිතරම අපෙන් අහන ප්‍රශ්නයක් තමයි මේ serum පිළිබඳව තොරතුරු. ඉතින් ඒ නිසා ඒ ගැන සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සමූහයට අවශ්‍යයි කියලා මට දැනුනා. කරන්නන්වාලේ කරන්නේ නැතුව හරියට දැනගෙන අපි serum එකක් පාවිච්චි කරමු. දැනට පෞද්ගලිකව මම face serum එකක් පාවිච්චි කරන්නේ නැහැ. නමුත් පාවිච්චි කරලා තියෙනවා. ප්‍රතිඵල හොඳයි. දැනට මම පාවිච්චි කරනවා හෙයා සීරම් එකක් හිස සම්බාහනය කරද්දි හෝ පීරද්දි ...

Beauty

සාමාන්‍යයෙන් රූපලාවන්‍යයේදී අපි ජලවාෂ්ප (හුමාලය) පාවිච්චි කරනවා සමේ රෝම කූප විවෘත කරගන්න. මේක බහුල වශයෙන් පාවිච්චි කරන්නේ මුහුණට කරන සත්කාරවලදි. මුහුණට සත්කාරයක් කරගන්න රූපලාවණ්‍යාගාරයකට ගිය ඕනෑම කෙනෙකුට මේ අත්දැකීම විඳින්න ලැබෙනවා.

Beauty

⚕️අපේ ජීවිතවල පැවැත්මට අත්‍යාවශ්‍ය අපි මහන්සි වෙලා සොයා ගත යුතු ප්‍රධානම දේ කෑම බීමනේ. නමුත් වර්තමානයේ පුදුම විදිහට මිනිස්සු කෑම ටික හරියට ගන්න උනන්දු නෑ. හරියට ගන්න එක කියලා කිව්වේ පණ යන්න කන එක නෙමේ, අහු වෙච්ච දේ බඩට දාගන්න එකත් නෙමේ. හොඳ ගුණ කෑම ගන්න උනන්දුවක් නෑ කියන එකයි. අපේ ඩයට් ප්ලෑන් එක කියවපු ඔයාලා දන්නවා මං කෑම ගන්න විදිහ ගැන. ඒක මම විතරක් නෙවෙයි මගේ පවුලේ අනිත් අයත් ඒ විදිහටයි කන්නේ. ඒ මම ඇති කරපු පුරුද්ද. ඒවා ඇත්තටම මම අනුගමනය කරන විදිහ.

Beauty

කාන්තාව මෙලොව බිහිවූ විස්මිතම නිර්මාණයයි. උතුම් මව් පදවිය ලබන්නට හැක්කේ කාන්තාවකට පමණයි. ඒ වගේම රක්ත වර්ණ රුධිරය කිරි බවට හැරවෙන්නේ ඇගේ අපමණ දරු සෙනෙහස නිසාමයි. ඒ නිසාම කාන්තාව මේ ලොවේ වටිනාම වස්තුව යැයි කීවද වරදක් නැත. මෙලොව ජීවය බිහිකරන්නට හැකියාව ඇති කාන්තාව ඒ සඳහා සොබා දහම විසින් අපූර්ව ආකර්ශණීය වස්තුවක් සේ නිර්මාණය කරන්නට පෙළඹී ඇත්තේ ඒ නිසා විය හැකිය. වරක් දුටු පමණින් යළිත් වරක් හැරී බලන්න සිතෙන්නේ ඇය පංච කල්‍යාණයෙන් යුතු විටය. එහෙත් කාන්තාවකගේ එක් එක් අංගයන් කෙරෙහි සිත බැඳුණු පිරිමි ඕනෑ තරම් සිටිති.

Beauty

♻️පසුගිය ලිපියෙන් මම තෙල් සහිත සම ගැන සහ එය රැක බලාගන්නෙ කොහොමද කියලා කතා කළා. එතනදි මම සඳහන් කළා අයිස් කැට ප්‍රතිකාරය ගැන. හුගක් අය මේ ප්‍රතිකාරය කරන හැටි දන්නවා. නමුත් නොදන්න අයත් හිටියා සහ ඒකෙන් ලැබෙන වාසි මොනවද කියලත් අහල තිබුනා.

Beauty

ගොඩක් අය ඉල්ලුව නේ කොණ්ඩෙට සාත්තුවක්. හැබැයි මේක කොණ්ඩෙට සාත්තුවක් නෙමෙයි . හිසේ සමට කරන සාත්තුවක් . මේක ඕන වෙන්නෙ නිරෝගී කොණ්ඩයක් වවාගන්න. බොහෝ අය කරන්නේ මොනවා හරි තෙල් වගයක් කොන්ඩෙට දාගෙන ඒ ආනුභාවයෙන් කොණ්ඩය වැවෙනකල් බලා සිටීමනේ. හැබැයි හොදින් මතක තියාගන්න තෙල් දාලා නිකං බලා ඉඳලා බෑ හිස සම්භාහනය කරන්න ඕනේ කියලා. තෙල් අපි පාවිච්චි කරන්නෙ මසාජ් කිරීමේ පහසුවටයි.

Beauty

අද මම කුරුලෑ ගැන කතා කරන්න හිතුවා. මේක දීර්ඝ ලිපියක් උනත් කොටස් වශයෙන් පළ නොකර දිගටම පෝස්ට් එක හැදුවේ මේ ප්‍රශ්නයට මුහුණ දෙන ඔබට පහසුවක් වෙන්නයි. මේ ලිපිය කුරුලෑ ගැන ඔබට ඇති ගොඩක් ප්‍රශ්න වලට උත්තර සපයාවි.

Beauty

?අත් යට දහදිය දුඟද සහ අවපැහැය ගොඩාක් අයට ප්‍රශ්නයක් . මේකට හේතු ගණනාවක් තියෙනව. නමුත් ඒවා අමතක කරලා මේ පණිවිඩය නම් කියන්නම ඕන.

Beauty

අම්මලා පුතකුටත් වඩා දියණියකට පිරිසුදුකමේ පාඩම කියා දෙන්නේ හෝඩියේ පන්තියේ සිටයි. ඒත් දූලා උස් මහත් වෙද්දි වැඩිපුර අවධානය යොමු කරන්නේ අධ්‍යාපනයටයි. මල්වර උත්සවය ජයටම පැවැත්වුවත් තමන්ගේ දුවට ඔසප් චක්‍රය ගැන කියා දෙන්නේ අම්මලාගෙන් කීයෙන් කී දෙනාද?

Beauty

ඔසප් වීම සම්බන්ධව මිත්‍යා මත ගැන තියෙන ප්‍රශ්න අහන්න කිවුවම ඔයාල මගෙන් අහල තිබුනේ ගොඩාක්ම වෛද්‍ය විද්‍යාත්මක කරුණු. ඒවට උත්තර දෙන්න නම් මම gynecologist කෙනෙක් වෙන්න ඕන. නමුත් මම උත්සාහ කරන්නම් එහෙම කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා හරි ඒ ප්‍රශ්නවලට උත්තර ඔයාලට ලබල දෙන්න.

Beauty

#අත්_යට_කලුවීම කියන්නෙ එහෙමත් නැත්නම් කිහිලි ප්‍රදේශය අඳුරු පැහැයක් ගැනීම වර්තමානයේ බොහෝ කාන්තාවන්ට පොදුවෙ තියෙන ගැටලුවක්.

Beauty

?හුඟක් කාන්තාවන් පැමිණිලි කරනවා තමන්ගෙ කොන්ඩෙට කිසිම රසායන ද්‍රව්‍යක් පාවිච්චි නොකරත් ( rebonding cream, perming lotion and hair colouring cream or powder ) තමන්ගේ හිස කෙස් තුනී වී හෝ පලුදු වී ඇති බවට.(dammage hair ). ශරීරයේ හෝමෝන අසමතුලිතතා සහ පෝෂණ ඌනතා හැරුණු විට මෙම රසායන ද්‍රව්‍යයයන් පාවිච්චි නොකරත් ඔබගේ හිසකෙස් වියළි ස්වභාවයක් හෝ පළුදු වූ ස්වභාවයක් ගන්නේ ඇයි?.

Beauty

“හේෂාට තියෙන්නෙ කතා කරන ඇස්. හරියට බෝනික්කියක් වගේ...“