Thursday, October 15, 2026
Follow Us
Poems
ඉවසීම,
සමාවදීම ,
මාතෘගුණය ,
කරුණාව,
මෙෙත්‍රිය,

Poems
එදා සොදුරුව
සිත් සතන් සන්තානයෙන්
උලුප්පුවා තබමින්
කාටත් පිහිටක් මිසම
වියසනයක් නොවූ

Poems
අරුණෝදයක පැහැබර බව උරා බිබී
මිහිදුම් වලා පෙළ රජ වී බලා සිටී
සීතල සුළං රැල්ලෙහි ඇති සොබාගතී
සඟවා රුක් ගොමුත් ගුලි වී නිදිය ගර්‍ත
සූරිය මඩල වෙනදා මෙන් නැගෙනහිර
 
සමනල කන්ද අද මගහැර ගොසින් වද
අළු පැහැ උදාවක වැහිබර බුරුල්ලක
පිනි බිඳු එරී පුබ්බරු වී බලන් ඇත
දුම්බර වලා ගුලි ගුලි වී වෙල මත්තේ
පෙම්බර සිනාවක පැටලීගෙන ඇත්තේ
ඈතින් ඇසෙන බට්ටිචි තාලම් හඬ රොත්තේ
හොරණෑ පිඹින පළඟටියන් තව අඩු නැත්තේ
 
පිනි බිඳු පලස් අතුරා තණපිටිය මත
වයිරෝඩියක කුඩු පිඹලා වගේ ඇත
ඉඳහිට තැනක මකුණෙකුගේ දැලක් මත
මණිමේකලාවක පැහැබර සිරිය ඇත
 
කිරලෙකුගේ හඬට මුහුවුණු අළු කොබෝ හඬ
පරදා මොනර නද හඬ දෙයි දුර ඈත සිට
කවුඩෙකු සමග දොඩමළුවන කවුඩියකගේනද
පුබුදයි මේ උදෙත් රස අනුරාගයක හැඩ
මහ රෑ වැටුණු මහ වැස්සෙන් විඩාවුණ
 
අඹ දළු තුරුළු වී තවමත් නිදාගෙන
කුමට ද ඇහැරවන්නේ යැයි කියාගෙන
සීතල සුළං එයි පොළොවම බදාගෙන
සීතල කපුරු මලකින් රොන් ගන්න උරා
රුං රුං කියා බඹරුන් එයි අලස මරා
උණුහුම සිසිල කැටි උණු මී වද පොකුරු පුරා
රැස් වුණු පැණි බිඳෙත් දුන්නෙම ආදරය කිරා
 
සිරිසර සොබා දහමක අම ගුල් මත්තේ
වෑහෙන අමා ගඟුලක කිමිදිය යුත්තේ
පෑරෙන රිදෙන කඳුලැලි දුක් ගිනි මත්තේ
කුමට ද තවත් ඉපිලීගෙන පිහිනිය යුත්තේ
 
-නිහාල් සෙනරත්
Poems
හදවතේ නොලී තැන්
රහ කරල ලීව
කවිත් මහ හුගක් ඇති
ලිය ලියා මැකුව
පුරාතන කාවයන්
හරි රහට කීව
ලියන්න ට දන්නවද
ඔයා මේ මාව.....
ආශනී ජයසුන්දර 
Poems
හරිම සතුටින් සහයෝගයෙන්
හිටපු ඔබ
කාත් කවුරුවත්
පින් අනුමෝදන් කරන්න
පාන්සකූලය දෙන්න
මිනී පෙට්ටියක වැතිරෙන්න
වේදනාවෙන් සමු දෙන්න
කිසිවෙක් නැතත්
නිවන්සුව අත්වේවා....
කිසියම්ම කිසිම
ආත්ම බාවයකදී
මෙවැන්නකට
ගොදුරු වන්නට
දෑසින් දකින්නට
මේ වගේ පවුල් පිටින්
ගම් පිටින්
විනාශ වනවා දකින්නට
සිදු නොවේවා.....
ඒ සෑම මිහිදන් වූ අයට
නිවන්සුව
සමගින් ඒ ඒ ආගම් වලට
අනුව සැනසීම උදාවේවා....
 
-නිසි
Poems
නුඹට පෙම්කල නොදුටු හදවත සඟවගෙන මා සන් තකේ
අලුත් දිවියට අරුත් සොයමින් ආවෙ නුපුරුදු මං පෙතේ
දිනක් සිහිනෙන් දුටුව රූපය ඇන්ඳා සුරතින් අත් පොතේ

Poems

කඩුපුල් රෑට තනි වුණ
ලිලී ඇන්තූරියම් වෙඩින් වල පරවුණා

කරපු පවක් හින්දදො කිඩාරම් ගඳවුණා.....

Poems
හිත දවන පාළුවක් නුවර සිරි මකනවා
මොකක්දෝ අඩුවක් හිතම පාරවනවා
එදා ගිය මාවතේ අඳුර රජ කරනවා

Poems
දෙණුවන බැඳුණු මොහොතක් ළඟ
හදවතේ පතුලට කිමිදෙමින්
ඔබ ලංකර ගැනීමට වෙර දැරූ හිත
කොහේදෝ අතරමං වුනා.

Poems
බැතිබර හද දෙවොලේ
පූජාසනයේ මුල්තැනයි
කිළුටක් නැති

Poems
දහස් ගනනින් එහා
පැතූ පැතුමන් පොදී
බොහෝකල් පෙමින් බැද
තුටින් උන්නා සැදී
තොරන් බැද මාල හත
නොබැන්දත් එදිනේ කිසී

Poems
ට්‍රිලියන ගනන් තරු අතර
පහන් තරුවම
සැකහැර
දනිමි,,,

Poems
නොකල වරඳට ලැබෙන දඬුවම්
විඳින ජීවිත රහසෙ හඬනා තරම්
දන්නෙ නැහැ කිසිවෙකුත් කිසිවිට
දෑසෙ සැඟවුනු කඳුලැලි තරම්.......
දැනෙන තරමට දුක තමන්ටම

Poems
ඇසට රූපයක්
පෙනෙනා මායාව ...
සිතට සිතන්නට
හේතුව සේයාව ..

Poems
මට හෑල්ලක් ලියන්න ඕනේ
වෙන කවුරුත් ගැන නෙවෙයි උඹ ගැන
ආරම්භය මාර ලස්සනයි
ආරම්භය....ඒක විතරක් තිබ්බම ඇති.........

Poems
ලේසියෙන් අතහරින්නෙ නෑ .
දුහුවිල්ලක ,
නිය සිලක ,
රෝම කූපයක ,
සිතුවිල්ලක ,
තරම් හේතුවක් හොයනවා රැඳෙන්න.

Poems
ඔයා ගිහින් ගොඩක් කල් උනාට
ඒක එහෙම දැනෙන්නෙම නෑ
කවියක කතාවක සිංදුවක හන්දියක ඔයා
එකම එක පාරක් මට වැලදගන්න ආසයි .....

Poems

යලිදු..තටු..ලැබ ගන්න

මග හැරැනු..සැනසුමට
ආයේමත්..පියඹන්න.......