Saturday, February 28, 2026
Follow Us
කිසිවක් නොවූ ගානට
එදා සොදුරුව
සිත් සතන් සන්තානයෙන්
උලුප්පුවා තබමින්
කාටත් පිහිටක් මිසම
වියසනයක් නොවූ
මියුලැසියක් ලෙසින්
ගලා ගිය
මහවැලි ගං නදී කුමරිය.......
නොසිතූ ලෙසින්
කිසිවකු හීනෙන්වත්
නොපැතූ ලෙසින්
සිත් පිත් නැතිව
වියරුවෙන්
ගලා ගියා
බොහෝ අයගේ හුස්ම
හිර කරමින්
ජීවිත සොරාගෙනම
මහවැලි ගං නදී කුමරිය.......
සියලු
හදවත් දවාලමින්
පාන්සකූලය
මතක පැන්
මතක වස්ත්
නේක වර්න මල්
සැතපෙන්න වටිනා මිනීපෙට්ට්
වේදනා හැඩුම්
වෙනුවෙන්
තමන්ටම කියා
කිසිවෙකුත් නොමැතිව
පස් යටම මිහිදන් වෙන්න
ඉඩ සැලසූ
මහවැලි ගං නදී කුමරිය .......
නිසොල්මනේ
එදා මෙන්ම
සිදුවුනු හැම
දරා ගනිමින්
වේදනාවෙන්
ගලා යනවා
කිසිවක්ම නොවූ ගානට
හරි නිහඩවම
මහවැලි ගං නදී කුමරිය .........
.
-නිසි