Saturday, February 28, 2026
Follow Us
නිවන් සුව අත වේවා...
හරිම සතුටින් සහයෝගයෙන්
හිටපු ඔබ
කාත් කවුරුවත්
පින් අනුමෝදන් කරන්න
පාන්සකූලය දෙන්න
මිනී පෙට්ටියක වැතිරෙන්න
වේදනාවෙන් සමු දෙන්න
කිසිවෙක් නැතත්
නිවන්සුව අත්වේවා....
කිසියම්ම කිසිම
ආත්ම බාවයකදී
මෙවැන්නකට
ගොදුරු වන්නට
දෑසින් දකින්නට
මේ වගේ පවුල් පිටින්
ගම් පිටින්
විනාශ වනවා දකින්නට
සිදු නොවේවා.....
ඒ සෑම මිහිදන් වූ අයට
නිවන්සුව
සමගින් ඒ ඒ ආගම් වලට
අනුව සැනසීම උදාවේවා....
 
-නිසි