අහස උසට ඉනිමං බැඳ
හඳ අල්ලන්නට හැකිවෙද
දිය බිඳු බිඳු ඉස දැම්මට
මහ මුහුදේ දිය සිඳේද
ඝණ අඳුරේ තරු ගැන්නට
ගනන් කියන්නට හැකිවෙද
තවකෙකුගේ හිත කියන්න
කිසිවෙකුටත් නොහැකි නේද.......
පපුව පලා පෙන්නන්නම්
දැනෙන ආදරේ තරමට
මැරෙන තුරුම අත් හරින්නෙ
නැහැනෙ ඔබව කිසිදවසක
ඕන දුකක් විඳගන්නම් අම්මාපල් ඔබ නිසාම
එහෙම කිව්ව ඈයො යන්නෙ
පැදුරටත් නොකිය හොර රහසෙම........
අතේමිටේ නිතර නිතර ගැවසුණොත් මොනර කඩදාසි
ඔබෙ දෙපාමුලට මුළු ලොව ගෙන ඕනිද අසාවි
තම කාරිය කෙරෙනතුරා කබරගොයත් තලගොයි කරාවි
ලස්සන මායම්කරුවෝ අපි කාටත් මුණ ගැසේවි........