දහස් ගනනින් එහා
පැතූ පැතුමන් පොදී
බොහෝකල් පෙමින් බැද
තුටින් උන්නා සැදී
තොරන් බැද මාල හත
සද පානේ වහන් වී
ගියේ පෙම නිසාමයි අපී........
කොහේ යන්නද කියා
දෑස් ආලයෙන් වසන් වී
නමුදු බොහෝ දුරකට වෙලා
පැලක් තැනුවා මහන්සීවී
දෙන්නා එක්කලා හරි
තුටින් සිටියේ හරි ටිකයි ලංවී
අනේ දෙවියනි නුඹ
ඩැහැගත්තේ මගේ සදසාවී......
සිහිනෙකින් වත් කිසිත්
නොසිතනා යාමයේ
වෙර වීරීය යොදා
දැනුයි ජීවිතේ ඇරඹුම් කලේ
තැබූ පියවර එතැන
එරී හැම බොද වුනේ
පෙර කරපු පවකටද
මා මෙසේ තනි උනේ....
නුඹ කොහේ ඉපදුනත්
සතුටි සැපෙන් හිදීවා
මෙවන් විපතක් කිසිත්
කිසි කලක නොවේවා
යලි දිනෙක බව සසරේ
හමු වෙන්න ලැබේවා
ඒ දිනය එනකල්ම
නුඹ මගේ සිතේ රැදේවා...
෴නිසි