Saturday, February 28, 2026
Follow Us
එනු මැන ආයෙත්
හිත දවන පාළුවක් නුවර සිරි මකනවා
මොකක්දෝ අඩුවක් හිතම පාරවනවා
එදා ගිය මාවතේ අඳුර රජ කරනවා
කලබලෙන් වගෙ පිරිස එහෙ මෙහේ ඇදෙනවා
හිතක් නෑ රැඳෙන්නට මතකයක් දවනවා
හොයන්නත් නෑ වගේ කොහේදැයි හොයනවා
හිටි හැටියෙ දකින රූ මුලාවක රඳනවා
නැතිද ආයේ එන්නෙ කියල මට හිතෙනවා
නෑවිදින් ඉනු එපා මග බලන් ඉන්නවා
රිදුන හිත් සැනසෙන්නෙ කොහොමදැයි හිතෙනවා
මම වගෙම තව ගොඩක් දුකින් ඉකි ගසනවා
නුඹ ආයෙ ආවොතින් සැනසුමක් ලබනවා.
 
-සාගර කුමාර සෙනෙවිරත්න ,USP